තරු කිණිත්තක කවි ලියා සඳේ හෙවනැලි ලඟ තියා සයුරු දිය පිට අතුරලා නුඹ ආ මඟම ආපහු ගියා.. සවුමිය හැඟුමක් මිසක මට කොහොම ගන්නද සඳ සොබා... වළාකුළකින් සැඟවිලා මලක හොඳහැටි තැවරිලා මුදු සුමුදු සුළඟක් වෙලා දැනී.. නොපෙනී නුඹ ගියා.. දෑතේ නොරැඳෙන සුළං සුවඳට ආයෙමත් දුක කියවුනා.. අන්ධකාරයේ තිර ඉරා අරුණෝද රැළි එන තුරා මීදුමක් වගේ පාවෙලා පෙනී.. නොදැනී නුඹ ගියා.. සිත්තමක් වී ඇවිත් මතකෙට සැනෙන් එසැනින් නැති වුනා.. ප්රේමයට, 'මායා' නොකියමි ලඟින් නැතිවත් මතකයට ගමි සඳ එළියේ මුදු සුළං රැල්ලක මීදුමත් හිස් ලයේ සුරකිමි.. දැ. ගැ. පි. ඇත්තටම ඔයා හැඟීමක් ද, දැනීමක් ද, පෙනීමක් ද.. සිහිවනු පිණිස!!