මිනිස්සු වැස්සට කැමතී... එයාලට අනුව වැස්ස කියන්නෙ මේ ලෝකෙ සුන්දරම දේවල්වලින් එකක්. ඒත් මට... වැස්ස කියන්නෙම වේදනාවක්... හේතුවක් නොදැනම විඳපු මහා වේදනාවක්. ඒ වේදනාවෙන් ගැලවෙන්න මට කොච්චර ඕන වුනත් ඒ කොහොමද කියලා මම දැනගෙන හිටියෙ නෑ. හැබැයි දවසක් මම ඒ වේදනාවට හේතුව හොයාගත්තා... හිතාගන්නවත් බැරි තැනකදි හිතාගන්නවත් බැරි මොහොතක හිතාගන්නවත් බැරි විදිහකට... අපිට මිනිස්සු මුණගැහෙන්නේ අහම්බෙන් නෙවෙයි... ඒ මුණගැසීම්වලට හැමවෙලේම හේතුවක්, පාඩමක් හෝ ආශීර්වාදයක් තියෙනවා!!! - තේජාල් විහංස ජයවර්ධන -