මතකයන් ගේ නගරය වූ ආදරණීය Seoul වෙත...
ඔබ එදා මට මුනගැස් වූ ඔහු ඇතැම්විට යලි කිසිදා මා වෙත නොඑනු ඇත..
එහෙත් ඔබ සතුව තවමත් මාගේ සහ ඔහුගෙ මතකයන් සුරැකිව ඇති බව දනිමි...
වෙන් වූවත්, ඒ මතකයන් තුල ඔහු හා මම තවමත් ජීවමානව එකිනෙකාට ආදරය කරමි...
එක්වීමේ සංතෘෂ්ටිය මෙන් ම වෙන්වීමේ සංතාපයද සමාන බැව් ඔබ මා හට පසක් කර දුන් අයුරු අරුමයකි...
යලි එක්වීමේ සලකුණක් පේන මානයක නැතත්, යලි එක්වීමෙ බලාපොරොත්තුව සමග ජීවත් වීමට තීරණය කළෙමි...
ආදරණීය ඔහුව මුණ ගැස් වූ ආදරණීය Seoul...
ඔබට ස්තූතියී....
-සෙහස්-All Rights Reserved