නොදන්නා වූ මගක අතරමං වීමට වඩා හොදින් දන්නා මගක අතරමං වීම අවධානම් සහිතය.මන්ද යත් නොදන්නා මගක කෙසේ හෝ අවසානයට ළගා වීමට යුහුසුලු වුවත් දන්නා මගකදී අවසානයට යාමට මත්තෙන් මග දෙපස දිස්වන්නා වූ සියලුම දේ කෙරෙහි සිත් යොමමින් නිදහසේ ගමන් යාමේදී අවසානය ද අමතක විය හැකි බැවිනි. ඉදින් දන්නා මගක අතරමං වූවකු එහි අවසානයට ළගාවෙයිද? නැතහොත් මග දෙපස විචිත්ර වූ දෑහි ඇලී අවසානයට ළගා වීම සිතින් අත්හරියි ද?