"අභීනු මොකෝ මේ බිස්කට් එකක් ෆෝන් එක උඩ? " "ම්.. ඌට කුසගිනි නිසා වෙන්න ඇති කියා සිතුවෙ මා.." පෙටා බිත්තියට ගගහා හිනා වෙනවා. මම බය වෙලා හිටියෙ මගෙ හිනාව පුපුරලා යයි කියලා. ඇයි දෙයියනේ මේකා හිතලා තියෙන්නෙ ඒ සතෙක් කියලා. මේවා කොහොම පැහැදිලි කරලා දෙන්නද මම දන්නෑ. "නමුත් ඌ ආහාර ගත්තෙ නැහැ. ඔබ සමග සේ කතා කලේද නැහැ. " කුටු කුටු ගගා හේතු කියන අභීනු අන්තිමට ෆෝන් එකට රවලා අහක බලාගත්තා. "පිස්සු මගුල...ඒකට පණ නෑ. " "පණ නෑ? එයා මැරිලද? " දුඹුරු පාට ඇස් ලොකු වෙලා මගෙන් අහනවා ෆෝන් එක මැරිලද කියලා. මේවට ඉතිං මොනවා කියන්නද මන්දා.. ●. NON FICTION ●. BL ●. SINHALAAll Rights Reserved