'' ඇත්තට මට කණගාටුයි... වයලට් , '' ජෙනා පැවසීමට ගිය දෙය අතර මැද කඩා වැටුණේ වයලට් ජෙනාට හුස්ම ගත නොහැකි පරිද්දෙන් ඈව වැළඳගෙන තම පියා නැති වීමේ ශෝකයට හඬා වැටුණු හෙයිනි.
' ඉපදීම දුකකි, ජීවත් වීම දුකකි, ප්රියයන්ගෙන් වෙන් වීම දුකකි... සාදු කාරයක් දෙන්න පිනවත!!! ' ජෙනාට පැවසීමට සිතුණි.
* * * * * *
'' දැන් එතකොට මොකක් ද ඔයාට ෆියොරන් ගැන කියන්න තියෙන්නේ ? '' තම පුටු ඇන්ද මත වාඩි වූ ශෙවෝන් දෑත බැදගෙන පැහැදිළි දෑසින් ජෙනා දෙස බැලීය.
'' කොල්ලෙක් ! '' ජෙනා තම උකුල මත වූ නතාෂාගේ දුරකථනයෙන් හිස නොඔසවාම කීය. දරුණු නිහඩතාවයකි....
* * * * * *
'' වෙස්ලි සොහොන් දෙකක් ? ඔස්කා මගේ කන් දෙක ඇහුනා හරි නේද ? ''
'' තාත්තා ගැන තියෙන ආදරේට වයලට් මිනිය කෑලි දෙකකට වළදාලා වෙන්න බෑ නේද?''All Rights Reserved