Chapter 12

3.1K 645 33
                                    


ජීවිතේ අපි බලාපොරොත්තු උනු විදියටම , අපි සැලසුම් කරපු විදියටම හැමදෙයක් ම සිද්ද වෙනවා නම් ඒක කොයි තරම් දෙයක් ද.ඒත් ඇත්තටම සිද්දවෙන්නෙ අපි හීනෙකින් වත් නොහිතන දේවල්.. රෝද පුටුව් ඉද ගෙන තමන්ගෙ හයොන්ගෙ ලෙයින් ඉපදූනු පුංචි කිරි කැටියගෙ කම්මුල ආත ගාන ගමන් ජන්ගුක් ගෙ ඇස් වලින් කදුලක් ගිලිහුනා..

"බොස් බබා නිදි නේද...අජුම්මාට දෙමුද ඇතුලට අරන් යන්න…"

ලුවිස් කියද්දි ජන්ගුක් ඔලුව වැනුවෙ ඕනෙ නෑ කියන්න වගේ..අඩුම කොල්ලට සේරාවත්, ජන්හ්‍යුන් වත් අන්තිම පාරට බලා ගන්නවත් බැරි උනා..සතියක් සිහි නැතුව උන්නු ජන්ගුක් ට සිහි එනකොට කොල්ලගෙ වටේ තිබ්බ හැම සතුටක් ම හොරු අරන් ගිහින්..ජන්ගුක් හොස්පිටල් එකෙන් ඩිස්චාච් කරාම ආවෙ සෝල් වල ජන්හ්‍යුන් ගෙ ගෙදරට..ජන්ගුක් ගෙ ඔම්මා , අප්පත් , නූරගෙ මමී ඩැඩී දෙන්නත් අඩු මාසෙන් ඉපදුනු පුංචි පැටියවත් අරන් පැටියගෙ ඔම්මගෙයි , අප්පයිගෙයි ගෙදරට ආවා...ඒත් ජන්ගුක් කිසි කෙනෙක් එක්ක කතා කරේ නෑ..දරුවව ලගින් තියාගෙන ඔහේ බලන් උන්නා..

"නූරා අපි අද රෑට යනවා..ඔයත් බඩු ටික හදා ගන්න"

නූරගෙ මමී කිව්වෙ මිසිස් ජියොන් දිහා බලාගෙන් ගොඩක් දුකෙන්..

"ඒත් මමී බබාට ට්‍රැවල් කරන්න හොද නෑනෙ තාම.."

"නෑ නූරා බබා අපි එක්ක යන්නෙ නෑ."

නූරගෙ ඩැඩී කියද්දි නූරව ඉබේම නැගිට්ටුනා..

"මොකක් …. බබා යන්නෙ නෑ  "

"ඔව් නූරා...මේ දරුවා අයිති ජියොන් පවුලට.."

"ඩැඩීට පිස්සුද...මේ මගෙ උන්නිගෙ දරුවා..අපේ දරුවව කාටවත් දෙන්න ඔයාලට පිස්සුද.."

කෑ ගහගෙනම නූරා ජන්ගුක් ලගට ගිහින් බබාව ගන්න හැදුවත් ජන්ගුක් ඒකට ඉඩ දුන්නෙ නෑ .

"ජන්ගුක් මට බබාව දෙන්න.."

නූරා ඉකිබිදුමක් එක්ක කියද්දි ජන්ගුක් මුකුත් නොවුනු ගානට බබාගෙ කම්මුල අත ගානවා..නූර එක පාරටම ජන්ගුක් ගෙ අතින් බබාව උදුර ගන්න හදද්දි ජන්ගුක් නූරගෙ අත ගසල දැම්මා..

MY TIME ( Completed )Where stories live. Discover now