පොත්ගුල්ලා

57 16 0
                                    



Youra තමන්ගේ හිත හොරා ගත්ත ඒ රූපය දිහා ඇසිපිය නොහෙළා බලාගෙන හිටියා. පුංචි සුල‍ං රැල්ලට කෙහෙරැලි හරි ලතාවකට පැද්දුනා. චිත්‍රයක් වගෙ. ඒත් කොල්ලාට නම්
ලස්සන කෙල්ලෙක් තමන් දිහා බලන් ඉන්නවා කියලා ගාණක්වත් නෑ. එයා දිගටම තමන් කරන වැඩේ නිරත වුණා. Youra He-seok එක්ක වචනයක් හරි කතාකරන්න උවමනාවෙන් පසුවුණා. ඒත් ඔහුගෙන් ඒ සදහා ප්‍රතිචාරයක් නැති නිසා ඇය නිහඬවම හිටියා. වෙලාව උදේ 11.00යි. He-seok ඔරලෝසුව දිහා බැලුවා. පොත් ටිකත් එකතු කරලා බෑගයට දා ගෙන නිහඬවම එතනින් පිටවුණා. බලාපොරොත්තු කඩවුණු Youra ත් පාඩම් කරන එක පැත්තකට දාලා පුස්තකාලයෙන් එලියට ආවා.

මේ අතර tae උදෙන්ම පොලිස් ස්ථානයට ආවා. ඒ තමන්ගේ හිතවත් අපරාධ පරීක්ෂක Smith (ස්මිත් ) ව හම්බෙන්න. ඔහු Tae ගෙ මව්පියන් ගේ මරණය ගැන උනන්දුවෙන් පරීක්ෂණ කල කෙනෙක් .

Smith: Hey! tae කොල්ලා. තාම ඉස්සර වගේමයි. මොකද මේ පැත්තෙ.

Tae:මන් ආවේ අම්මාගෙයි තාත්තාගෙයි පරීක්ෂණය ගැන මොනා හරි අලුත් දෙයක් තියෙනවා ද දැනගන්න.

Smith : නෑ කොල්ලෝ. පරීක්ෂණය තිබ්බ තැනමයි. මන් නම් වැඩේ අතඇරලා.

Tae: හ්ම්. බොහොම ස්තූතියි . මොනා හරි දැනගන්න ලැබුණොත් මේ මගෙ නම්බර් එක 829034567 ( වගකීම ගනු නොලැබේ. 😅) 

Tae එතනින් පිටවෙලා studio එකට  ගියා.
එදා දවස සාමාන්‍ය විදියට ගෙවිලා ගියා. Youra ත් දුකින් හිටියේ. අතට ලැබුණු අවස්ථාව ගිලිහී ගිය නිසා.

පසුදින :

Youra එදා උදෙන්ම ඉස්කෝලෙට ගියා. කොරිඩෝව දිගේ පංතියට දුවලා ගිහින් නැවතුනෙ Lee ලග.

Youra: Lee මට උදව්වක් ඕනි. He-seok කියන පිරිමි ලමයා ගැන හැම විස්තරයක්ම හොයල දෙන්න.

Lee : ආ.. කෙල්ලට ආදර හිතක්වත් පහල වෙලාද?

Youra: එහෙම දෙයක් නෑ. මගෙ වැඩකට . හොයල දෙනවකො.

Lee : හරි හොයල දෙන්නම්. "මේවා කරලා හරි මෙයාගෙ නෑනා වෙන්න පුලුවන් නම්. " Lee හිතින් හිතුවා. එයා හැමදාම හීන මැව්වේ Youra ගේ නෑනා කෙනෙක් වෙන්න. ඒත් Youra නම් ඒකට කැමති නෑ.

Youra: Thnkz dear. මන් මේකට ඔයාට සලකනවා.
Youra කිව්වේ හද පුරා ගලා ගිය ප්‍රීතියෙන්.

ඉතින් මේ විදියට දවස ගෙවිලා ගිහින් පාසල අරින වෙලාවත් කිට්ටු උනා. Lee කලබලෙන් පංතියට දුවගෙන ආවා.

Lee : වැඩේ හරි මන් හොයා ගත්තා .
පැය ගාණක් ඇතුළත Lee වැඩේ කරලා තිබ්බා. Lee කියන්නෙ ගොඩක් social කෙල්ලෙක්. එයාට ඉස්කෝලෙ ඇතුලෙ ගොඩක් contacts තිබ්බා.

Youra: කියන්න.
කෙල්ලට ඉවසිල්ලක් නෑ.

Lee: එයා upper level එකෙ. පොත්ගුල්ලෙක්. යාලුවො කවුරුත් නෑ. තනියෙන් ඉන්නෙ. ඉස්කෝලෙට ආව දවසෙ ඉදන් පලවෙනියා. එච්චර තමා.

Youra: හ්ම්.
දැන් ඉතින් Youra ගෙ හිතේ තිබ්බ දේවලින් ගොඩක් කෙරිලා. කෙල්ලට හරි සතුටුයි.

අදට episode එක ඉවරයි. Youra ලගදීම Ho-seok ගෙ වෙන බව විශ්වාසයි. ඒ දවස වෙනකන් තමා මාත් බලන් ඉන්නෙ ❤️ .

Love of The Namson Tower 💕Where stories live. Discover now