| Shadow |

308 47 5
                                    

කියවද්දි සෝන්ග් එක අහන්න  ☝😉

*****************************************

රෑ අදුරෙ ගිලුන වනාන්තරෙ පුර හදෙන් ආලෝක වෙලා තිබ්බෙ කෙනෙක්ට මග පෙන්වන්නයි එයාගෙ අරමුනට යන්න නම් නෙවෙයි වෙන කෙනෙක්ගෙ අරමුනක් සපුරන්න 

අඩි ගානක් උසට වැඩුනු ගස් වල අතු නිහඩවම හමාගෙන යන සීතල හුලගෙන් හෙලවෙන සද්දෙට ඇහුම්කන් දෙමින් වනාන්තරෙ ජීවය පවතින දේවල් වලින් පිටවෙන කෙදිරුම් හඩවල් මැද්දෙ හද එලියෙන් නිර්මානය වුන දිග හෙවනැලි අතරින් නොනවත්වාම ලේ ගලන තමන්ගෙ දකුනු අත අනිත් අතින් ඇගට තද කරගත්ත මින් යුංගි අදුරෙම ඉස්සරහට ඇදුනෙ දැනෙන වේදනාව සහ දරුනු තුවාලෙ නිසා ටික ටික අඩුවෙන ශක්තිය ගැන අමතක කරමින් 

"ශිට් මේ මගුල" 

යුංගි තමන් ගෙ ලෙදර් ජැකට් එකෙන් තුවාල වුන උරහිස තදින් ඔතාගෙන අත තවත් අනිත් අතින් තද කරගත්තෙ පිට දිගෙ හිරියක් පතුරවමින් ඇතිවුන වේදනාව නිසයි 

යුංගි ජැකට් එකට ඇතුලෙන් ඇදලා ඉදපු සුදු පාට ටී ෂර්ට් එක වගේම එයාගෙ මුලු සිරුරම එයාගෙම කලු පැහැ උනුසුම් ලේ වලින් තෙත් වෙලා තිබුනා 

කලු 

ඔව් එයාට මතක ඇති කාලෙක ඉදලම එයාගෙ හමේ ඇති වෙන විවර වලින් ගැලුව ලේ කලුයි , ඒකට හේතුවක් යුංගි දැනගෙන ඉදියෙත් නෑ අහලා දැනගන්න කෙනෙකුත් ඉදියෙ නැත්තෙ පොඩි කාලෙ එයාගෙ නිවහන වුනෙ ලමා නිවාසයක් නිසයි 

එයාගෙ මූනෙ අලුතින් ඇති වුන සුලු කැපුම් තුවාල වගේම නලලෙ තිබුන ගැඹුරු පැලුමෙන් ගලපු ලේ පරිසරයෙ තිබුන සීතල නිසා කැටි ගැහිලා තිබුනෙ තවත් ලේ එලියට ගලන එක නවත්වමින් 

ඒත් තාමත් යුංගිට එයාගෙ ලේ වල රස දැනුනා

යුංගිගෙ හිතුවක්කාර සුදුපාට කොන්ඩ රැලි එයාගෙ තනි කලු ඕනෙම කෙනෙක්ට එක එල්ලෙ බලාගෙන ඉන්න අපහසු ඇස් අඩවන් කරමින් නලලට වැටිලා තිබ්බා 

SHADOW  | Taegi One Shot |Where stories live. Discover now