| Night |

189 45 27
                                    


ඒ ඇස් නිල්පාට ඇස් 

ඒවම තමයි 

විලක වතුර වගෙ ලා නිල් පාට පැහැදිලි ඇස් 

සමහර දවස් වලට හීනෙන් මං දිහා බලන් ඉන්න ඇස්

එවලෙ ෆයිට් එක වෙලාවෙදිත් මං දැක්කෙ ඒ ඇස් දෙකම තමයි ඒ ඇස් කොහෙ හරි ඉදන් මං දිහා බලන් ඉදියා 

 ඒක දැකලා තමයි අර කාලකන්නියාගෙන් මගෙ අවදානෙ එහෙ මෙහෙ වුනෙ 

කවුද ඒ 




යුංගිට මුලින්ම දැනුනෙ සුවපහසුවක් , සිනිදු ඇතිරිලි වල ස්පර්ශයක් 

ඒ එක්කම එයාගෙ උරහිස ඇදුම් කන්න පටන් ගත්තෙ ඇහැරෙමින් ඉදපු යුංගි ගෙ ඇස් ආයෙමත් වේදනාවෙන් තද වෙද්දියි ඒත් කලින් දැනුනු වේදනාවට වඩා දැන් දහස් ගුනයකින් වේදනාව අඩු වෙලා කියලා යුංගිට තේරුනා 

එයා හිමින් හිමින් ඇස් අරිද්දි මුලින්ම දැක්කෙ ඇදේ සුදුපාට වියන , එයා ඉදපු තැන පැතිරිලා තිබුන කහ තැඹිලි උනුසුම් එලියෙන් යුංගි තමන් නිදාගෙන ඉන්න ඇදෙ ලී කනු වල කරලා තියන එයා මීට කලින් නොදැකපු කැටයම් දිහා වුවමනාවෙන් බැලුවා 

යුංගි ඇදුම් කන උරහිස යන්තම් ස්පර්ශ කලා එයා දැක්කා උරහිස සුදු පටියකින් ලේ එලියට නොයන විදිහට තද වෙන්න ඔතලා තියනවා

යුංගි කාමරයෙ වටපිටාවෙ තිබුන තවත් කැටයම් සහිත කලුවර ලීයෙන් නිම වුන මකුලු දැල් ආක්‍රමනය කරපු පැරණි  ගෘහ භාණ්ඩ දිහා බලන ගමන් හිතුවෙ එයා මෙතෙන්ට ආවෙ කොහොමද කියලයි 

එතකොට අර ඇස් එවගෙ අයිතිකාරයද එයාව මෙතෙන්ට ගෙනාවෙ , ඒත් ඇයි එහෙම කරන්නෙ යුංගිගෙ හිතෙ දාහක් ප්‍රශ්න 

කාමරෙ තැනින් තැන පත්තු කරලා තියන ඉටිපන්දම් වලින් කාමරෙ ඇතුලෙ තිබුන හැමදේකම හෙවනැලි මැව්වා , යුංගිගෙ ඇස් අන්තිමට නතර වුනෙ කාමරේටම තිබුන එකම ජනෙල්ලෙ ලග 

SHADOW  | Taegi One Shot |Tempat cerita menjadi hidup. Temukan sekarang