-මීදුම් පටලය හෙවත් MISTIKO -

782 135 78
                                    

මීදුමෙන් වටවූ සුන්දර කදු පන්තියෙන් වටවූ මිටියාවත දෙස බලාසිටි තරුණියන් දෙදෙනා තමාගේ සුරතෙහි වූ දුරදක්නය නැවත තම තමන්ගේ ගමන් මලු තුලට දමා ගත්තේ ඉදිරියෙන් දිස්වන මනස්කාන්ත පරිසරය දෙස සිය දෑසින්ම බලමිනි.
එක් තරුණියක් පැහැයෙන් පැහැපත් සමකට හිමිකම් කී ඇය රූමත් තරුණියක් යැයි කිව හැකිය. ඇයගේ උඩට කර බදින ලද තරමක දිග කොණ්ඩයද කදු පන්තිය සිසාරා පැමිණෙන සුළග හා පොරබැදීම ඇයගේ කෙස්වැටිය අවුල් ජාලයක් බවට පත් කලේ ය. අනෙක් තරුණිය තළෙලු පැහැයෙන් යුතු සමකට උරුමකම් කී තරමක කොට කොණ්ඩයකට හිමිකම් කී තරුණියක් බව බැලූ බැල්මට පෙනුන අතර ඇයගේ තරමට වඩා විශාල බෙල්බොටම් වර්ගයේ කලිසමද විශාල ටීෂර්ටයද ඇයගේ ඇදුම් අතරින් කැපී පෙනුනි.
පෙනුමෙන් මෙම තරුණියන් දෙදෙනා ආසන්න වශයෙන් දහඅට වියැති යනවග පැවසීම කිසිවෙකුටවත් අපහසු නොවනු ඇත.
දෙදෙනාගේම වෙහෙසකාරී දෑස් යට සැගවී තිබු උනන්දුව මෙහි ඇති සුන්දර කදුකර පරිසරයට ඔවුන්ගේ සිත් තුළ ඇති රුචිකත්වය විදහා පෑවේය.

තවමත් උදෑසන කාලය නිසාම කිසිදු මනුෂ්‍යයෙකු දක්නට නොවූ එම මිටියාවත පුරාම දුහුල් සේද සළුවක් එලුවාක් සේ පැතිරීගත් මීදුම් තිමිරය අතරින් හන්තාන කන්ද නැගී සිටියේ යොධයෙකු සිහිගන්වමිනි. මොහොතකට සීගිරය ලෙසින් ඔවුන් මුලා කල බතලේගල කන්දද ,සාමසර කන්ද ,උඩවත්ත කන්ද ඇතුළු කදුවැටි පිරිවරාගත් කදුකර පරිසරය නව යොවුන් වියේ පසුවන තරුණියන්ට නිවෙස්වලින් පිට ඔවුන්ගේ පළමු විනෝද චාරිකාවක් සදහා සුදුසුතම ස්ථානයන් විය.

" මොනවද කන්නේ අපි ? " තමා දෙසට ආ තමන්ගේ හොදම මිතුරියගේ පැනයට ඇය නිහඩවම සිටියේ මේ මනස්කාන්ත පරිසරයම ඇයට උදෑසන ආහාරය වූ පරිද්දෙනි.
ඇය එතරම් තමා කාරයෙන් ගෙනා වතුර බෝතලය සිය මිතුරියන් දෙදෙනාට ලබාදුන්නේ එයින් උගුරු දෙකක්ම පානය කිරීමෙන් අනතුරුවයි.ඇයගේ දිගු කොණ්ඩය ගෙඩියක් ලෙස සකසා හිස මුදුනේ බැද තිබූ අතර ඇය තරමක අදුරු එහෙත් අලංකාර චොක්ලට්වන් පැහැයකට උරුමකම් කී අතර ඇයගේ ආඩම්බර ස්වභාවය ඇයගේ ගමන් විලාසයෙන්ම පෙනුනි.

" ඔයාලගෙන් අහලා වැඩක් නෑ  .ආපු වෙලේ ඉදන් කදු බල බල යනවා"ඇය තමාටම පවසාගෙන සිය හිස දෙපසට වනමින් සිනාසුනි.

Mistiko [ Hidden Story]Where stories live. Discover now