හත්වැනි මල

106 29 4
                                    

#Hangul_මල්

#හත්වැනි_මල

________________________

මගේ මතකය බින්දුවයි. ඔන්නිගේ කොල්ලා තමයි කලින් ඔය කෝපි හ්වාන්ග්ව හොයන් ආවේ

" තේ හ්වාන්ග් , වොන්ඩර් වුමන් ඔයාව උස්සල පොලොවේ ගහයි ඈ. "

ඔන්නිගේ කොල්ලත් ඔය යකාට හරියනම එකෙක්. තවත් බලන් ඉන්න බෑ.

" මේ වොන්ඩර් වුමන්වත් ස්පයිඩර් වුවන්වත් නෙමේ poison lvy ලඟට ආවත් ඇති ඉවරයි. පරිස්සමින් ඉන්නවා. විශේෂයෙන් ඔය කෝපි හ්වාන්ග් "

" මොකක් කෝපි හ්වාන්ග් "

සිනියර්ලට ඔහොමත් වැඳ වැටෙන්න ඕනයෑ. ඕන මඟුලක් වෙච්චදෙන් කියල මන් හිතේ තිබ්බ ඔක්කෝම කියල දැම්මා. එයාල ගොඩක්ම ෂොක් වුණේ කෝපි හ්වාන්ග් කියන නමට.

කෝපි හ්වාන්ග් ෂොක් වුන්නෑ ඔය යකා හිනා වෙවි මන් දිහා බලන් ඉන්නවා. අයියෝ මෙහෙමත් එකෙක්.

" අනේ මට බඩගිනි .. "

අද දවසටම වටින කතාවක් කිව්වා ඔන්නි කෙනෙක්

" මටත් බඩගිනියි යන් "

බඩගිනියි කියපු ඔන්නිගේ පිටිපස්සෙන් මාත් ගියා. යකෙක් කන්න බඩගිනියි . Cafeteria එකේ ලමයින් පිරිලා .

" ඔය මදැයි කන්න ආවා. මුන් ගාටනවා ඉස්සරහට යන්නැතුව. "

ඔන්නිත් කුටු ගගා බනිනවා.

" ඉක්මන්ට යනවලකෝ සෙඩ්ඩ සිල් ගන්නවත් ඕම පේලියේ ඉඳල නෑ. උදේ රැස්වීමේදීත් බොරු කලන්ත දාල සික් රූම් එකට ගොඩ වෙන මාව මෙහෙම හිට ගන්න තිබ්බනේ මුන් . "

ඔන්නිගේ ඉස්සරහා ඉන්න හැම එකාගෙම පරම්පරාව ලස්සන අමත අමත හිටපු මාව කොහේද යන හිකනලෙක් හෝ හිකනලියක් අඬගැහුවා.

බඩේ කෑගහන පණුවෝ ටිකගේ හයියත් අරන් හැරුණේ අඬගැහුවේ කොයි ලිංගයද කියල බලන්න .

" හායි "

වෙන කවෘත් නෙමෙයි පෙන්ස් , සූ ආ . ලස්සන හිනාවකුත් එක්ක මට හායි කිව්වා.

" හායි. "

මාත් හායි කිව්වා

දුවන්න තැනකුත් නෑ. තිබ්බත් දුවන්න බෑ. එහෙම දිව්වොතින් මගේ රෙස්පෙට් එකට මොකද වෙන්නේ. ලබ් ඩබ් සද්දේ ගිනි ගිනි බෝල සෙල්ලම් කරද්දි මන් සූ ආ දිහා බැලුවේ අඳුනන්නැති කෙනෙක් වගේ.

Hangul Flower #Completed Where stories live. Discover now