𝑰𝒏𝒕𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒐𝒏

2.8K 203 23
                                    

Our Kingdom

Intro

(A/N: Jimin & Weiying පොඩි ලමයි intro එකේ හීහී [>.<] )

Past story

===========================
👑
Wolf
Kingdom Park

===========================

Park Ji Min Veiw

"මගේ Jimin... මට සමාවෙන්න කුමරුනි මෙපමණ කලක් මා ඉවසුවේ ඔබ නිසයි. එහෙත් තවත් මට ඉවසිය නොහැකියි. ඔබගේ පියාගේ අනියම් සම්බන්ධය හමුවේ මා හට තව දුරටත් ජීවිතය දරා ගත නොහැකියි... එහෙත් මට පොරොන්දු වන්න ඔබ හැදී වැඩුණු පසු මේ රාජධානියට හොඳ පාලකයකු වන බවට!!?"

මෑණියන් රිදී පැහැති කිනිස්සක්ද තම හදවත දෙසට යොමු කරගෙන මෙවැනි වදන් පවසනවාට වඩා හොඳයි මාගේ හදවතට එයින් පහර දුන්නානම්. මා කළේ දෑතින්ම මුහුණ වසාගෙන ඇස් වලින් ගලනා කඳුළු මෑණියන්ගෙන් සඟවා ගැනීම පමණයි. මා හට නොහැකියි මෑණියන් පවසන වදන් අසා සිටීමට.

"ඔබ ඔබ හඬනවාද මා කුමරුනි!!?"

"මෑණියනී...!!!"

මා කළේ මුහුණින් දෑත් ඉවතට ගෙන තවත් හැඬීම පමණි.

"ඔබ මට පොරොන්දු වනවා නේද!!? අනාගත රජු වන බවට!!?"

මෑණියන් මාගේ උරහිස් වලින් අල්ලා සොලවමින් ඇසූවිට කළ හැකි අන් කිසිවක් නොමැති නිසා මා හිස සොලවා මෑණියන්ගේ වදන් පිළිගත්තා.

එවිටම මෑණියන් ඇයගේ මද සිනාවෙන් මට සංග්‍රහ කළ විට මොහොතකට එය මට සැනසීමක් ගෙන දුන්නත් ඉන් පසු සිදුවූ දෙයින් මාගේ මුළු ලොවම කඩා වැටුනා යැයි මට දැනුනා.

"මෑණියනී!!! මෑණි...."

මා බිම වැටී සිටි මෑණියන් අසල දණින් වැටී විලාප දුන්නේ ඇස් වලින් නොනවතිනා කඳුළු ගලනා විටයි. මෑණියන්ගේ හදවතේ ඇණී තිබූ කිනිස්ස මා විසින් ඉවතට ගනු ලැබූවත් එවිටම ඇයගේ සිරුර දැවී ගියේ ඇය නැවතත් නොඑන බව කියා පාමින්.

===============================
👑
Wolf
Kingdom Sean

================================

Wei Ying Veiw

"කුමක් නිසාද මේ තරම් කලබලයක්?"

ගුරුතුමිය උගන්වන අතරතුර, මා අසල සිටි මිතුරාගෙන් විමසුවේ මාලිගයේ සැවොම කලබලයෙන් ඒ මේ අත දිව යන ආකාරය දැක කුතුහලයෙන්.

"ඒ ගැන තමයි මාද මේ කල්පනා කරන්නේ Wei. මට ඇසුනා අයකු පවසනවා රැජිණියව කවුරුන් හෝ මරා දමා ඇති බව..."

මා සවන් වැටුණු දෙයින් මාගේ සිත සලිත වී ගියා. රැජිණිය ගැබ් ගෙනයි සිටියේ. මාගේ දෑත් වෙව්ලනවා...

"දරුවනි.. අදට පාඩම අවසන් ඔබලාට දැන් තම තමන්ගේ නිවාස වලට යා හැකියි. සැවොම ප්‍රවේසමෙන්..."

ගුරුතුමිය එසේ කී විගසම මා මාගේ පොත් ටිකද හකුලාගෙන දිව ගියේ මාලිගය දෙසටයි. සැබැවින්ම මෑණියෙකු නැති මා හට මෑණියකු වූයේ ඇයයි. මා රැජිණියගේ කුටියට ගිය විට එහි සිටියේ කෑ ගසමින් හඬන දරුවකු පමණයි.

එවිට මේ රැජිණියගේ දරුවාද? මා කුඩා දරුවා අසලට ගිය විට දරුවාගේ හැඬීම නැවතුනා එවිට මා හට දැනුනේ රැජිණිගේ ඒ සුවඳයි. ඒ කියන්නේ ඔබ තවමත් සිටිනවාද?

"මෑණියනි...."

මාගේ දෑස්වල කඳුළු පිරී ඇති බව වැටහී ගියේ සියල්ල බොඳ වී පෙනෙන විටයි.

"මගේ දරුවෝ... මේ ඉන්නෙ ඔබගේ සහෝදරිය... ඇයව ආරක්ෂා කරන්න..."

මට පෙනුනේ මෑණියන්ගේ චායාව පමණයි. ඇය කෙමෙන් කෙමෙන් නොපෙනී ගියේ මාගේ සිත ශෝකයේ අන්තයටම පැමිණ ඇති විටයි.

දෑස් විවර කර කඳුළු පිස දා ගත් මා මේ කිසිවක් නොතේරෙන මා දෙස නෙත් යොමා සිටින කුමරිය දෙසට ගොස් ඇයව මාගේ දෑතට ගත්තා.

සැබැවින්ම ඇයට ඇත්තේ ඇයගේ මෑණියන්ගේ ඇස්. ඇය මා දෙස බලා සිනා සෙනවා. මාගේ නැගණිය... අනාගත රැජිණිය... මා ඔබව ආරක්ෂා කරනවා! මෙය මාගේ පොරොන්දුවක්!







To be continued...

𝗢𝘂𝗿 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now