අද අපි කතා කරන්න යන්නේ සුපිරි මුහුදු මංකොල්ලකාරයන්ගේ ගේම් එකක් ගැනයි.හැබැයි ඉතින් මේක ඔන්ලයින් ගේම් එකක්.මේකෙ නම තමා ඔය උඩ දාල තියෙන නම😜. මේ ගේම් එක රිලීස් කරේ 2013 දී.එතොකට මේක ඩිවොලොප් කරන්නේ Rare එකෙන් වගේම මේක පබ්ලිශ් කරන්නේ Microsoft Studios එකෙන්ය.මේ ගේම් එක හදලා තියෙන්නේ Unreal Engine එකෙන්.තව කිව්වොත් මේ ගේම් එක අයිති වෙන්නේ first-person multiplayer game කියන ගේම් වර්ගයටයි.මේකේ graphics ගත්තහමත් අමුතුම ගතියක් තියෙනවා.
හරි දන් අපි මේ ගේම් එකේ ස්ටෝරිය පැත්තට ගියොත් මේකේ ස්ටෝරියක් කියලා ප්රධානව එකක් නෑ.මේකේ තියෙන්නේ එකේක පොඩි මිශන් තව එකේක ඉවෙන්ට් වගේ දේවල් තමා තියෙන්නේ.අපිට මේ ගේම් එක ප්ලේ කරද්දී අපිට මුහුදේ අරන් යන්න පුලුවන් නැව් වර්ග 3ක් තියෙනවා.ඒ 2ක් යන්න පුලුවන්,3ක් යන්න පුලුවන් හා 4ක් යන්න පුලුවන් නැව් ලෙසයි.මේ නැව් වර්ග තුනට අනුව ඒ වගේ තියෙන පහසුකම් එහෙමත් වෙනස් වෙනවා.ඒ කිව්වේ මේවගේ තියෙන කාලතුවක්කු ගණන් වෙනස් වෙනවා.තව නැව් වල ස්පීඩ් එක අතර එකේක වෙනස් ඇතිවෙනවා.ඒක වෙන්නේ නැව් වල වර්ගය අනුව රුවල් වර්ග වෙනස් වෙන නිසයි.තව කුණාටු වෙලාවකදී පොඩි නැවක යනවනම් ගොඩක් දුරට නැව විනාශ වෙන්න ඉඩ කඩ වැඩී.මොකද පොඩි නැව් වලට වතුරෙ පාර සැර දරාගන්න බැරි වෙන නිසයි.තව ගබඩා කරගන්න පුලුවන් බඩු ගාන එහෙමත් නැවෙන් නැවට වෙනස් වෙනවා වගේම නැවේ ශක්තියත් එක් එක් නැව් අනුව වෙනස් වෙනවා.අපිට මේ නැව් සුපිරියටම අප්ඩෙට් කරලා හදලා ගන්න් පුලුවන්.
මේ ගේම් එක හොදට ප්ලේ කරන්නනම් අපිට අඩුම යාළුවෝ දෙන්නක්වත් ඔනේ.මොකද එක්කෙනෙක් නැව පදවද්දී තව එක්කෙනෙක් ඉන්න ඕනේ රුවල් හරියට හදන්න,ඒ වගේම කුඹ ගහ උඩට නැගලා වට පිටාව ගැන් දැනුවත් කරන්න වගේම නැවේ වතුර ලීක් වෙන තැන් එහෙම හදන්න අනිවා තව එක්කෙනෙක් ඉන්නම ඕනේ.හැබැයි අපිට තනියෙනුත් ඔය ඔක්කොම මොකක් හරි ගේම්ක් දිලා කරත් උන්ගේ ලොකු නැවකට වගේ සෙට් උනොත් ඇප නැති වෙන්න කන්න වෙන්නේ😁.
🔴ENEMIES
අපිට මේ ගේම් එකේ ඉන්න පළවෙනි හතුරෝ තමා මේ ගේම් එක ප්ලේ කරන අනිත් අය.හරි එහෙනම් ඒගොල්ලො නැතුව මේකේ ඉන්න බොට්ස්ලා විශේෂයක් තමා ඇටසැකිලි කියන්නේ.මුන්ගේ වර්ග ගොඩක් ඉන්නවා.උන්ගේ ඒ වර්ග අනුව උන්ගේ ශක්තිය වගේම උන්ට විවිද වූ හැකියා වෙනස් වෙනවා.ඒ කිව්වේ සමහර ඇටසැකිලි ඉන්නවා උන් වතුරෙදී දුර්වල වෙනවා වගේම තව ඇටසැකිලි ජාතියක් ඉන්නවා උන් වතුරෙදී බලවත් වෙනවා.තව ඉන්නවා සමහර එවුන්ට කොච්චර ගැහුවත් උන් මැරෙන්නේ නෑ.ඒ වගේ එවුන්ට අපි ගාව තියෙන ලාම්පුව අල්ලලා තමා ගහන්න ඕනේ.ඒවගේ තව මේකේ ඇටසැකිලි වර්ග ගොඩක් ඉන්නවා.ඒ හින්දා අපිට උන්ට ගහන්න නම් අපිට උන් ගැන හොද අවබෝදයක් අනිවා තියෙන්න ඕනේ.

YOU ARE READING
VIDEO GAMING
Fantasyඔයාලට මේකෙන්, අලුත් පරණ Games වල තොරතුරු වගේ ගොඩක් දේවල් බලා ගන්ඩ පුලුවන්.....