6 - කලකිරීම

660 207 113
                                    

-මට තියෙන ලොකුම බය , ඔයා කවදහරි මන් මාව දකින විදිහට මාව දකියි කියන එකයි -

"ම්ම්ම්.. රෝස්ගෙ අම්මව මට හම්බුනේ මීට අවුරුදු නවයකට විතර කලින්. හයි ස්කූල් එකේදි.."

ජිමින් ගෙනාපු කොෆි එක බොන අතරෙ යුන්ගි කතා කරන්න පටන් ගත්තෙ ජිමින්ට එයාගෙ එහා පැත්තෙන් ඉඳගන්න කිවුවට පස්සෙයි.

"ඒ දවස් වල මන් හැසිරුනෙ කිසිම වගකීමක් තියෙන කෙනෙක් විදිහට නෙවෙයි. ඒ වුනත් මට එයා එක්ක බොරු සම්බන්දයක් තියාගන්න ඕනෙ වුනේ නෑ.මන් ඒ කාලෙ ආදරේ ගැන මුකුත්ම දන්නැතුව ඇති.ඒත් අනාතයෙක් විදිහට උස් මහත් වුන මම එයාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වුනා.අවුරුදු දහනවයක් යනකම් මට නොලැබුන ආදරේ මන් එයාගෙන් බලාපොරොත්තු වුනේ ඒ නිසා වෙන්නැති.ඒත් එයා නිතරම පාර්ටි වලට ගිය කෙනෙක් ජිමින්. මම කොච්චර එපා කිවුවත් එයා ඒක ඇහුවෙ නෑ. එයාට ගොඩක් වෙලාවට මාවත් එක්කන් යන්න ඕන වුනා. එයා... එයා ඩ්‍රග්ස් වලට ගොඩක් ඇබ්බැහි වුන කෙනෙක් කියලා මන් දැනගත්තෙ පස්සෙ ජිමින්.. ඒත් එතකොටත් එයාගෙම බලකිරීම මත..අපි ගත්ත ඩ්‍රග්ස් නිසාම මත්වුන අපි දෙන්නා රෝස්ව එයාගෙ බඩට ගෙනත් ඉවරයි.."ටික වෙලාවක නිහඬතාවයක් තිබ්බත් ජිමින් යුන්ගිගෙ වෙවුලන අත් උඩින් එයාගෙ අත තිබ්බෙ, හිතේ තිබ්බ දේවල් කියන්න යුන්ගිව දිරිමත් කරන අතරෙයි.

මැලවුන හිනාවක් එක්ක ජිමින් දිහා බලපු යුන්ගි, එයාගෙ කතාව ආයෙමත් පටන් ගත්තා..

"එයාට ඕනෙ වුනේ රෝස්ව නැති කරන්න.එයාගෙ සෙල්ලක්කාර ජීවිතේට රෝස්ව ලොකු කළලක් වුනා. ළමයෙක් හදාගන්න එක අමාරු දෙයක් වුනත්.. අපි ඒ කාලෙ ගොඩක් තරුණ වුනත්... අනාතයෙක් වුන මට, මගෙම දරුවෙක්ව මේ ලෝකෙ අසරණ කරන්න ඕනෙ වුනේ නෑ. මොකද අම්මා තාත්තා තමන්ව අතෑරලා දාන එකේ වේදනාව මන් දන්නවා.ඒ දරුවා තාම ලෝකෙට ඇවිත් නැතිවුනත් මට ඒ ළමයව නැති කරන්න දෙන්න තරම් ජරා මනුස්සයෙක් වෙන්න බැරි වුනා ජිමිනා...

ඒ නිසා ළමයා ඉපදුනාට පස්සෙ එයාගෙ කිසිම සම්බන්දයක් ළමයා එක්ක තියෙන්න බෑ කියන එකඟතාව මත එයා ළමයව බඩේ තියාගන්න එකඟ වුනා. මගෙ එපාර්ට්මන්ට් එකේ තියන් මන් එයාව බලාගත්තෙ ගොඩක් අමාරුවෙන්. එයාගෙ පිටරට දෙමවුපියෝ එවන සල්ලි වලින් එයා කලින් කලේ ඩ්‍රග්ස් ගත්ත එක වුනත් , ළමයා නිසා ඒවා කරන්න බැරි නිසා එයා එක වියදමක්වත් දරන්න සල්ලි වියදම් කලේ නෑ. ඉතින්.. අන්තිමේදි මට හැමදේටම ඉතුරු වුනේ මගෙ පාර්ට් ටයිම් වලින් ඉතුරු වුන පොඩි ගාණ විතරයි. කලින් මන් තනියම හිටියත්, ළමයා ගැන හිතලා එයාටත් කන්න දෙන්න ඕනෙ නිසා මන් පාර්ට් ටයිම් ජොබ්ස් දවසකට කීයක් කලාද කියලවත් මට මතක නෑ.මේ අතර මන් ගෙදර නැති එකෙන් ප්‍රයෝජනය ගත්ත එයා ආයෙමත් එයාගෙ පරණ පුරුදු වලට ගිහින් තිබුනා.එයා එයාගෙ සල්ලි වලින් ආයෙමත් ඩ්‍රග්ස් අරන් තිබ්බා..එයා එයාගෙ ආසාවන් සම්පූර්ණ කරගන්න අතරෙ මගෙ දරුවා..කොච්චර දුක් විඳින්න ඇත්ද...ඒක මන් ඉක්මනට හොයාගත්තෙ නැත්තම්..මේ වෙනකොට මට මගෙ රෝස්ව......"

Rose |YM| ✔Where stories live. Discover now