මේසෙ උඩ අවුල් ජාලවක් වෙලා තිබ්බ ලිපි ගොනු ටික අස්සෙ Lee Soo එයාගෙ ෆෝන් එක හෙව්වා... වෙලාව පාන්දර එකහමාරයි 🕜. රෑට බීපු කෝපි කෝප්පෙත් බිම තිබ්බෙ පෙරළිලා. මේසෙ උඩම නින්ද ගිහින් උන්නු Lee ට ඇහැරුනේ මරණ පරීක්ෂණ වාර්තාව කියව කියව ඉද්දිමයි.... 🥱😴
__________________________________
කවුද මේ Lee ?🙄
🔸Nam-gu police station එකට අලුතෙන් පත් වෙලා ආව එකම කාන්තා නියෝජනය.....😊 මෙයාගෙ ගෙදර උනේ police station එකම තමා... මොකද Lee අරගත්ත annex එක තිබ්බෙ police station එකට එහා පැත්තෙ...
කවුද මැරුණෙ එතකොට??🙄🙄🙄🔸ඒක පස්සෙ කියන්නම් හොඳේ..
_________________________________
දැන් ඇහැරුණු හින්දා Lee ආයෙ අර ලිපි ගොනු ටික බලන්න ගත්තා.. table lamp එක කලින් එයා දාලමයි තිබ්බෙ.. දන්නෙ නැතුවනේ මේසෙ උඩ නින්ද ගියේ..🥺ඒ මරණ පරීක්ෂණ වාර්තාවෙ තියෙන්නෙත් කලින් මරණ පරීක්ෂණේ දැක්ක සලකුණුමයි... මැදඟිල්ල අතේ අල්ලට සම්බන්ධ වෙන තැන ලොකු හිලක්... එතනින් යකඩ කූරකින් හැදුව කුරුසයක් බස්සලා තිබිලා මිනිය හොයාගද්දි පොලීසියට හමුවුණා..
මැණික්කටුව ළඟ රතුවෙලා තිබ්බෙ එයාව ගැටගහලා තිබ්බ ලණුවට.. මූණ හොයාගන්න බැරි තරම විකෘති වෙලා තිබ්බෙ මිනිය හොයාගද්දි.. මොකද එයාට මොකක් හරි බර පොල්ලකින් මැරෙනකල්ම ගහලා ඔලුවට..කවුද මැරුනෙ කියලා දැන් කියන්නම්....
Gosan-ri වල උන්නු අවුරුදු 48ක ගෑණු කෙනෙක්.. DNA test එකෙන් එයාගෙ data ටික ඔක්කොම ගන්න පුලුවන් උනා.. ගෙදර අය දැනුවත් කරන්න කතා කලාට එයාගෙ husband නුයි ලමයයි මීට අවුරුදු 8කට කලින් accident එකකින් මැරිලා.. ඉතින් hospital එකේ freezer එකේ දාලා තිබ්බා body එක Lee ට තනියම බලන්න ඕන කියලා..
************************************
පාන්දර උනත් Lee ගෙ phone එකට කෝල් එකක් ආවා Detective Min ගෙන්...
✳️ " Lee ..ඔයා කොහෙද ඉන්නෙ ?? අපි Gampo වලට යනවා .. තව body එකක් හොයාගෙනලු.. ඔයාව ඔතනින් දාගෙන යන්නම්.. police station එකේ නේද ඉන්නෙ???🙄"
💠 "ඔව් sir.. මං ලෑස්ති වෙන්නම් sir.."✳️ Detective Min
💠 Detective Leeමොකක් වෙයිද??😯😯
බලමු ඉස්සරහට ..😊😊😊😊
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
Ⓐ︎Ⓡ︎Ⓤ︎Ⓝ︎Ⓘ︎ Ⓕ︎Ⓔ︎Ⓡ︎Ⓝ︎Ⓐ︎Ⓝ︎Ⓓ︎Ⓩ︎