BLACK OR WHITE

481 107 137
                                    

මට මගේ ජීවිතේ මම මුහුණ දුන්නු අමතක නොවෙන සිදුවීමක් ගැන කියන්න හිතුණා...

පුංචි කාලේ... දෙක වසරෙ හෝ තුන වසරෙ විතර... මම එදා හිටියෙ ස්ටේශන් එකේ... අම්මත් එක්ක...

මම බලන් හිටියෙ කහ පාට ටෙඩි බෙයෙක් ඉන්න ලස්සනම ලස්සනම හෑන්ඩ් බෑග් එකක් දිහා... ඒකෙ ශිපර් එකේ තරු හැඩේට දිලිසෙන කී ටැග් එකක් තිබ්බා.... පාට නම් පොඩ්ඩක් විතර අඳුරු වෙලා.... ඒ වගේම තඹ පාටට හුරු චේන් එකකුත් ඒකට ඇටෑච් කරලා තිබ්බා...

මම හිටියේ බෑග් එකේ සිහියෙන්... ඊලඟ තත්පරේදි ඒකෙ අයිතිකාරයා මගේ ඇඟට කඩාගෙන පැන්නා...

'මොනවද බලන්නේ....' එයා මගෙන් එහෙම ඇහුවා....

මම පොඩියි... මම බය වුනා... එයාට ඒ තරම් කලබල වෙන්න ඕනෙ නෑනේ...

'මම බෑග් එක දිහා බැලුවේ... ඒ ටෙඩි බෙයා ලස්සනයි....'

මම බයෙන් වුනත් එයාට උත්තර දුන්නා... අම්මා මාව එක්කන් එතනින් යන්න හදනකොට එයා ඇඬුවා... මම කියපු වැරදි දේ මොකක්ද කියලා මට හිතා ගන්න බැරි වුනා....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒ කෙනා ස්ත්‍රී පුරුෂ පාර්ශව දෙකටම අයිති නොවෙන කෙනෙක් කියලා මම තේරුම් ගත්තේ ඊට හුඟ කාලෙකට පස්සේ....

එයාට හුඟක්ම තිබුනේ ගෑනු කෙනෙක්ගේ පෙනුමක්.... ඒත් ඇත්තටම දැන් හිතලා බලනකොට එයාගෙ වෙනසක් තිබුනු බවත් මට තේරෙනවා....

එදා ඉදන් මම අදටත් ෆිල්ම් එකක වුනත් ඒ වගේ කෙනෙක් දැක්කොත් එකම දෙයක් කියන්න පුරුදු වුනා...

'එයාගෙ ඇඳුම ලස්සනයි.... කොණ්ඩෙ ලස්සනයි... එයා දක්ශ විදිහට රගපානවා.....'
.
.
.
.
.
.
.
.

ඒකෙන් සිද්ධවෙන වෙනස මොකක්ද කියලා මම දන්නෙ නෑ.... නමුත් ඒකෙන් මගේ හිතට ලොකු සහනයක් දැනෙන්න ගත්තා...

එදා පුංචි කාලේ මට නොතේරුණු වෙනස ලොකු වෙනකොට මම තේරුම් ගත්තා... එයාලා වෙනස් වුනත් ඒ දිහා මානුෂීයව බලන්න පුලුවන් නේද කියලා මට හිතුණා...

එයාලා අපි ගැන හිතන විදිහ මොකක්ද කියලා මම එයාගෙ හැසිරීමෙන් තේරුම් ගත්තා... ටිකක් හිතන්න.... මම පොඩි ලමයෙක්.... මට එයාගෙ වෙනස තේරුම් ගන්න තරම් ලොකු අවබෝධයක් තියෙනවද... නමුත් මම එයා දිහා බලන එකට එයාට කේන්ති ගියා... එයාලගෙන් සමහරු හිතන් ඉන්නේ හැමෝම එයාලට සලකන්නේ නරක විදිහට කියලා... එයාට මම බලන එක ගැන කේන්තියක් ඇති වෙන්න ඇත්තේ ඒකයි...

BLACK OR WHITE Where stories live. Discover now