Chapter 1

1.3K 104 3
                                    

අනේ ජිමින් එන්න එපා ... මම කිව්වානේ එන්න එපා කියලා .... ඇයි ආවේ...

එපා එපා ඕක කරන්න එපා ... අනේ ඇයි එහෙම කළේ ඇයි එයාව 😭...
අනේ ජිමින් .. ජිමින් ... ජිමින් නැගිටින්නකෝ 😭 අනේ මාව දාලා යන්න එපා නැගිටින්නකෝ 😭

ජිමින් ..
ජිමින් .....
ජිමින් ....

ඉන්වොන් නැගිටින්න .... නැගිටින්න ඉන්වොන් ... මැණික ඔයා හොදින්ද ...

Inwon's pov

කවුරු හරි මගේ කම්මුල් වලට තට්ටු කරන ගමන් මගේ නම කියනවා ඇහුන නිසා මම ඇහැරිලා බැලුවා .... ජිමින් මේ ඔයා නේ ... එතකොට ඒක හීනයක්ද ... දෙවියන්ට ගොඩක් ස්තූතිය ඒක හීනයක් වුන එකට

මම ටික ටික ඇදෙන් නැගිටිනකොට ජිමින් පුදුම වෙලා මගේ මූණට එබී ගෙන ඉන්නවා ... දැක්ක හීනේ නපුරුකම කොච්චරද කියනවා නම් මගේ කම්මුල් වලින් කදුළුත් වැටෙනවා ....

මොකද ඔයාට වුණේ වොනී ආයිම නරක හීනයක්ද ජිමින් මගෙන් එහෙම ඇහුවත් මම ඒවාට උත්තර දෙන්නේ නැතුව එකපාරටම එයාව බදා ගත්තා ..

එයා පුදුම වුනත් ටික වෙලාවක් යනකොට එයාගේ ශක්තිමත් අත් මගේ වටේට එතුනා .... එයාගේ එක අතකින් මගේ ඔලුව අතගාන ගමන් එයා මගෙන් ආයිම ඇහුවේ මොකක්ද අද දැක්ක හීනේ මැණික .. ඒක ගොඩක් නරක එකක්ද .. කියලා ..... ජිමින්ව බදාගෙනම මම දැක්ක හීනේ එයාට කිව්වා ....

මගේ ඔලුවට සිනිදු හාදුවක් දෙන ගමන් එයා කිව්වා ඒක තවත් හීනයක් විතරයි නේ ... ඔයා බය වෙන්න එපා ... මොනවා වුනත් මම ඔයාගේ ළගින්ම ඉන්නවා කියලා ... මාව තවත් එයාට තුරුල් කරගත්තා ....  ඒ උණුසුමේ ඉන්නකොටම මට ආයිම නින්ද ගියා ❤

Inwon's pov end

Jimin's pov
මේ සතියේ හයවෙනි පාරටත් ඉන්වොන් හීනෙන් බය වෙලා නැගිට්ටා... ඒ හැමපාරම එයාගේ හිත හදලා ... ආයිම නිදිකෙරෙව්වා ...

මේක මොන වගේ දෙයක්ද .. මට හිතා ගන්න බැහැ ... එයා දකින හැම හීනෙම මම ඉන්නවා ... මට බය මේ හීන නිසා එයාට මොනව හරි වෙයිද කියලා ...

මේ වගේ දේවල් හිත හිත ඉන්නකොට ඉන්වොන්ව තුරුල් කරන් මටත් නින්ද ගියා ....

𝗗𝗿𝗲𝗮𝗺𝘀🌠ᵖʲᵐ ✔︎Where stories live. Discover now