❤ දහතුන් වැනි කොටස ❤

340 56 12
                                    

🌺 SALI TAEගේ CAR එක පහු කරගෙන ගියේ TAE දිහාවත් බලන්නේ නැතිව .

SALI එහෙම යනකොට TAE CAR ඒකෙන් බැහැලා SALIගේ පස්සෙන් දිව්වා .

දුවලා ගිහින් SALIගේ අත අල්ලා ගත්තා .

"TAE: SALI පොඩ්ඩක් ඉන්නකෝ . "

SALI නැවතුනේ නැහැ . තව ටිකක් හයියෙන් යනවා.

"TAE: නවතින්නකෝ SALI කිව්වාහම .  නවතින්න. "

SALI නැවතුණා .

"SALI: ඇයි මොකද ? ඇයි ? ඇයි ? ඇයි ? "

SALI මෙවර බෙරිහන් දුන්නා . TAEටත් යකා නැග්ගා.


" TAE : මෙහෙ එනවා යන්න "

SALIවත් ඇඳගෙන CAR එක ළඟට ගිහින් SALIට නගින්න කියලා , එයාත් CAR එකට  නැග්ගා.

ටික දුරක් යනකන් දෙන්නාගේන් එක්කෙනෙක් වත් කතා කරේ නැහැ . SALI නම් හිටියේ උදේ වෙච්ච සිද්දිය ගැන TAE කොයි හරි වෙලාවක අහයි ද කියලා බයෙන්.

SALI හිතුව දෙ TAEට ඇහුණා වගේ TAE එක පාරටම,
"TAE: උදේ මොකක්ද ඒ සිද්ධ වුණේ ? පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙයිද ? සාධාරණ හේතුවක් තියෙනවාද ඔයාට එහෙම කියන්න . අමතක වුණා ද ඔයා මාව එපා කියලා කිව්වේ මීට අවුරුදු කීයකට කලින් ද කියලා ? මොකද මේ එක පාරටම ආපහු ? ඔයා ආපහු දැන් මගේ ළඟට එන්න හදන්නේ මගේ සල්ලි හින්දා ද ? නැත්තං ....... "

TAEට තවත් කතා කරන්න වුණේ නැහැ . TAEට එහා පැත්තෙන් ඇසුණේ ඉකි බිදුමක් . ඒ SALI. TAE එක් වරම වාහනය නතර කරා . ආපහු පාරක් TAE කතා කරන්න යනකොටම SALI කතා කරා .

"SALI: ඔයා මෙච්චර කල් හිතන් හිටියේ මම ගැන ඔහොම ද ? ස..ල්..ලි.. ස..ල්..ලි
කියන්නේ මොනවාද TAE ? බල්ලොත් නොකන සල්ලි .  මාව ඒ ගාණට දැම්මා ද ? ඔයා මාව කවුරු කියලා ද හිතන් ඉන්නේ Mr.TAEHYUNG ?මම දෙයක් කියන්නම් . ඔය කන් දෙක ඇරගෙන හොඳට අහගන්න . උදේ වුණ දෙ ගැන මට පැහැදිලි කිරීමක් කරන්න ඕනි නැහැ . එහෙම කරන්නත් මට තෙරෙන්නේ නැහැ . තේරුනත් මම කරන්නේත් නැහැ . එච්චරයි . "

SALI තවමත් හැඩු කදුලෙන්. TAE SALI දිහා ටික වේලාවක් බලාගෙන ඉඳලා ආපහු DRIVE කරන්න පටන් ගත්තා . DRIVE කරන අතරතුර SALIට මෙහෙම කිව්වා .
"TAE: ඕකට කියන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව කියලා . කොහොම වුණත් දැන් ඔයා මගේ GF. මම ඔයාගෙ BF. පින් සිද්ද වෙයි ඔය අඩන එක නවත්තන්න . "

"SALI: මො....ක්.. ? මම ඔයාගෙ GF ? ඔයාට පිස්සුද ? මම ඒක එවෙලේ කිව්වේ මට ඊර්......"
කියන්න ආපු වචනය SALI ගිල ගත්තේ බොහොම අමාරුවෙන් .

TAEට නම් හිනා . SALI මුකුත් කිව්වේ නැහැ.

" TAE: ඔයාගෙ ගෙවල් කොහේද තියෙන්නේ ? "

SALI නිහඬයි.

නැවතත් ,
"TAE: හේ SALI, ඔයාගෙ ගෙදර තියෙන්නේ කොහෙද ? ඔයා දැන් කිව්වේ නැත්තං මට ඔයාව මගේ ගෙදර තමා ගෙනියන්න වෙන්නේ . "
TAE නැවතත් සිනා වෙනවා .

තවමත් SALI මොනවාද කල්පනා කරනවා .

මෙවර SALI කතා කරා . හැබැයි TAE අහපු දේට නෙමෙයි SALI උත්තර දුන්නේ .

"SALI: කවුද අර GIRL ? "



































දැන් SALIට තියෙන එකම ප්‍රශ්නය ඒකයි.

************************************

🌺 NEXT CHAPTER එක LONG CHAPTER එකක් විදිහට UPLOAD කරන්නම්
🌺 NOVEL එක කියවන , VOTE කරන , COMMENT කරන , FOLLOW කරන හැමෝටම THANK YOU .
🌺 BYE ළමයි .
🌺 පරිස්සමෙන් ඉන්න.
🌺 HAVE A GOOD DAY .


❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
AUTHOR

   ❤ දෛවයේ යළි එක් කිරීම ❤ 🌺 [ COMPLETED ] 🌺Where stories live. Discover now