𝐅𝗼𝐫𝐛𝐛𝐢𝐝𝐞𝐧 𝐋𝗼𝐯𝐞 🚫
𝐒𝐡𝗼𝐫𝐭 𝐒𝐭𝗼𝐫𝐲❣︎
🥀 .. 𝐈 𝐒𝐭𝐢𝐥𝐥 𝐑𝐞𝗺𝐞𝗺𝐛𝐞𝐫
𝐖𝐡𝗼 𝐖𝐞 𝐖𝐞𝐫𝐞
𝐓𝐡𝐚𝐭 𝐍𝐢𝐠𝐡𝐭 .. 🥀𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 𝟬𝟯 - 𝐋𝐚𝐬𝐭 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫
____________🥀____________
❣️𝐉𝐨𝐞𝐥 𝐀𝐧𝐝 𝐉𝐚𝐬𝐨𝐧❣️
🥀🍃
[ AFTER FOUR YEARS ]
දොරට තට්ටු කරන සද්දයත් එක්ක ඇලෙක්ස්ගේ කටහඬ දොරට එහාපැත්තෙන් ඇහුණේ ජේසන්ව කල්පනා ලෝකේන් මුදවලා.
"..ජේසන්, තව පැය දෙකකින් ඉන්ටර්විව් එක පටන් ගන්නවා.. ඔයා ලෑස්ති වෙලා ඉවරයිනම් පහලට යමු.."
අතේ පරිස්සමෙන් තියාගෙන හිටිය ෆොටෝ එකෙන් ඇස් දෙක අයින් කරපු ජේසන් අත් දෙකෙන්ම කඳුළු පිහිදගත්තේ තව එක පාරක් ෆොටෝ එක දිහා බලලා ඒකට කිස් එකක් දීලා බෙඩ් එක ලඟ සයිඩ් කබඩ් එක උඩින් ෆොටෝ එක තියලා.
"..හරී.. පොඩ්ඩක් ඉන්න.."
ජේසන් උත්තර දුන්නේ උගුර පාදගෙන..
එළියෙන් සද්දයක් නැතිවුණත් ටිකකින් ඇහුණේ ඇලෙක්ස් කතා කරනවා."..ජේ.. මම දන්නවා ඔයා අවුලෙන් කියලා.. ඒත් අපි ඉන්නවනේ ඔයා එක්ක.. ඔයා තනි වෙලා නෑ.."
ලාවට හිනාවක් මූණට ගත්ත ජේසන් දොර ඇරියේ අලෙක්ස් ජේසන්ගේ පිටට තට්ටුවක් දාලා ලගට ඇදලා ගන්නකොට.
"..මම දන්නවා.. මම දන්නවා ජේසන් ඒ වේදනාව නැති වෙන්නේ නෑ කියලා.. මෙච්චර කාලයක් ගිහිල්ලත්, ඒත් තාමත් නිකන් අද ඊයේ වගේ එයා අපිව දාලා ගිහින්.. ඒත් ඔයා ප්‍රොමිස් වුනානේ එයාට එයා නැති වුනාට ඔයා සතුටින් ඉන්නවා කියලා.."
'ඔයා දන්නේ නැ අලෙක්ස් අපි දෙන්නගේ තිබ්බ බැඳීම මොකක්ද කියලා.. ඒක සහෝදරකමත් එක්ක ඊටත් එහා ගිය එකක්.. අද ඊයේ ඇතිවෙච්ච එකක් නෙමෙයි ඉපදෙන්න කලින් ඉඳලම තිබ්බ එකක්.'
ජේසන් හිතුවේ තොල් දෙකත් තද කරගෙන හිනාවක් මූණට ගන්න උත්සාහ කරන ගමන්.
"..මම දන්නවා.."
ජේසන් කිව්වේ හුස්මක් ඉහලට අරන්.
"..ඒත් මට බෑ ඇලෙක්ස්.. කොච්චර උත්සහ කරත් මට බෑ.."
අලෙක්ස් ජේසන්ව හග් කරේ කොල්ලගේ කොණ්ඩේ හදන ගමන්.
YOU ARE READING
𝐅𝗼𝐫𝐛𝐛𝐢𝐝𝐞𝐧 𝐋𝗼𝐯𝐞 🚫
Short Story[ COMPLETED] [SAD ENDING] 🥀 .. 𝐈 𝐒𝐭𝐢𝐥𝐥 𝐑𝐞𝗺𝐞𝗺𝐛𝐞𝐫 𝐖𝐡𝗼 𝐖𝐞 𝐖𝐞𝐫𝐞 𝐓𝐡𝐚𝐭 𝐍𝐢𝐠𝐡𝐭 .. 🥀 - 𝐓𝐡𝐞 𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐉𝐨𝐞𝐥 𝐀𝐧𝐝 𝐉𝐚𝐬𝐨𝐧 - First Update Facebook : 01 April, 2020 Last Update Facebook : 03 April 2020 Watt...