A/N
"ජන්ග්කුකා...නැගිටපාන්.."ජිමින් පුරුදු විදිහටම උදේම ලෑස්ති වීගෙන කෑ ගැහුවෙ අනිත් කොල්ලො දෙන්නව නැගිව්වටන්න..මොන ප්‍රශ්නෙක හිටියත් සාමාන්‍ය විදිහට ඉන්නවා කියන එක කොල්ලා ඊයෙ රෑමයි හිතාගත්තෙ..
"යා..ජිමිනා..නිදාගන්න දීපම්.."ජන්ග්කුක් කෙදිරිගෑවෙ ආයෙත් බෙඩ්ශීට් එක යටට රිංග ගන්න ගමන්..
"යකූ..ඉස්කෝලෙ යන්න පරක්කු වෙනවා මිනිහෝ..එනවා යන්න.."ජිමින් ජන්ග්කුක්ගෙ කකුලෙන් ඇදලා ඇදෙන් බිමට දැම්මා..දඩස් ගාලා බිමට වැටුණ ජන්ග්කුක් කොන්දත් අල්ලගෙනම නැගිට්ටා..
"යාහ්..මගෙ කොන්ද කැඩුවට කීයක්හරි දීපම්.."ජන්ග්කුක් කටත් ඇදකරගෙන බිමට වැටුණ බ්ලැන්කට් එක උඩින් අරන් තිබ්බා..ජිමින් හිනාවෙලා ජන්ග්කුක්ගෙ කොණ්ඩෙත් අවුල් කරගෙන තේහියොන්ගෙ කාමරේට ගියෙ තේහියොන්ව නැගිට්ටවන්න කියලා හිතාගෙන..ජිමින් යද්දිත් තේහියොන් ඇද උඩ වාඩිවෙලා ඇග මැලි කඩ කඩ හිටියෙ ලොකු ඈනුමකුත් යවන අතරෙදි..
"ආ..ටේ..උඹ නැගිට්ටද?ගුඩ් මෝනින්.."ජිමින් කිව්වා..
"ම්ම්..ගුඩ් මෝනින්.."තේහියොන් නිදිමතේම කියලා ඇදෙන් බැහැලා වැනි වැනීම එළියට ගියා..කොල්ලා යන දිහා බලාගෙන හිටිය ජිමින්ට ඉබේම හිනා ගියෙ සෝජු කාලක් ගහලා වගේ වෙරි මතේ යන තේහියොන් දිහා බලලා..ජිමින් තේහියොන්ගෙ ඇදේ රෙද්දත් නවලා එළියට ගියෙ කන්න මොනාහරි හදන්න..කුස්සියට යද්දි කොල්ලට ඇහුණෙ තේහියොන් කෑ ගහන සද්දෙ..
"ආාහ්..ජන්ග්කුක්...ඉක්මනට එනවා..ඉස්කෝලෙ යන්න පරක්කු වෙනවා..උඹ බාත්රූම් එකට රිංග ගත්තොත් ඉවරයි අප්පා.."වෙනදා වගේමයි..දෙන්නත් එක්ක උදේ පාන්දර මරා ගන්නවා..ඔය බව දන්න නිසාමයි ජිමින් අනිත් දෙන්නට කලින් නැගිටලා ලෑස්ති වෙන්නෙ..ජිමින් කියන්නෙ පිළිවෙල කොල්ලෙක්..ඒකට හේතුව එයාගෙ ඔම්මා..පුංචි කාලෙ ඉදන් අප්පත් නැතුව ඔම්මා තනියමයි ජිමින්ව හදාගත්තෙ..ඔම්මගෙ ගතිගුණ ඒ විදිහටම ජිමින්ට පිහිටලා තිබුණා...
කොල්ලා කබඩ් එකෙන් රාමේන් පැකට් තුනකුත් අරගෙන හදන්න පටන් ගත්තා..කෑම හදලා ඉවර වෙද්දි තේහියොන් ජන්ග්කුක් දෙන්නත් මේසෙන් ඇවිල්ලා වාඩි වුණේ බෑග් එකට පොත් ටික ඔබාගන්න අතරේ..
YOU ARE READING
Love In The Moonlight | Jimin Centric | Completed
Fanfictionවෙලාවකට මගෙ හිතම මගෙන් කතා කරලා අහනවා.. "මේ හඳ එළිය යට ඉපදුණ ආදරේ උඹ මේ හඳ එළිය යටම වළලා දානවද..??" කියලා... Started - 2021.06.13 Finished - 2021.06.27