Only Human

1.5K 338 234
                                    

ඔළුව පැලෙන්න තරම් වේදනා දෙද්දි මං යන්තමට ඇස් ඇරියෙ ජනේලෙ අස්සෙන් රිංගලා ආපු ඉර එළිය මගෙ මූණ ඉඹිද්දි..ප්‍රාණවත් ඉර එළිය මගේ අප්‍රාණවත් ඇස්පිය උඩ සෙල්ලම් කරද්දි මම වටපිට බැලුවෙ ඉන්නෙ කොහෙද කියලා හොයාගන්න වගේ..

මම ඉන්නෙ මගෙ ගෙදර..

මගෙ හියොන්ලා..

මගෙ මල්ලි එක්ක..

ගෙදරට ආවෙ කොහොමද කියලාවත් මට මතක නෑ..මට අන්තිමට මතක කටට ගිනි වතුර හලාගත්තා විතරයි..ඒ මත්වතුර වලින් මගෙ උගුර පිච්චෙද්දි එයාගෙ වචන වලින් මගෙ පපුව පිච්චුණා..පවු..මගෙ කෙල්ලට තවත් දරාගන්න බැරි වෙන්න ඇති මේ දේවල්..මගෙ යුන්ජි කොයි තරම් නම් අඬන්න ඇතිද?මම හැමදාම එයාට දුකක් දීපු එක විතරයි කරේ..

"ජිමිනා..නැගිට්ටද?තවම අමාරුද?"අත්දෙකෙන්ම ඔළුවත් බදාගෙන හිටිය මම ඔළුව උස්සලා බැලුවෙ දොර දිහා..ජින් හියොන් මං දිහා බලාගෙන ඉන්නෙ පසුතැවෙනවා වගේ..මම හැමෝටම කරදර කරනවා..

"හියොන්.."මං කතා කළා..

"කෝ බලන්න..තවම උණද?"හියොන් මං ගාවට ඇවිත් මගෙ නළලට පිට අල්ල තියලා බැලුවෙ අම්මා කෙනෙක් වගේ..පුංචි කාලෙ ඉඳන් ගෙවල් වලින් ඈත් වෙලා හැදුණ වැඩුණ අපිට අම්මා වුණේ ජින් හියොන් තමයි..වැඩියෙන්ම ජන්ග්කුක්ට..ජන්ග්කුක් පොඩි කාලෙ ගෙදර මතක් වෙලා අඬද්දි ජින් හියොන් තමයි කොල්ලා එක්ක හැමවෙලාවකම හිටියෙ..

"ජින් හියොන්.."මං හියොන්ට තුරුළු වුණා..මට ඕනෙ වුණේ අඬද්දි හයියක් දෙන උරහිසක්..හිතට දැනුන දුක් සේරම දිය කරලා නිදහස් වෙන්නයි මට ඕනෙ වුණේ..

"ඊයෙ මහ රැයක් වෙනකම් හීනෙනුත් ඇඬුවා මදිද කොල්ලො?"හියොන් මගෙ ඔළුව අතගාන ගමන් ඇහුවා..හීනෙනුත් යුන්ජිගෙ වචන මතක් වෙද්දි අඬනවා ඇරෙන්න වෙන මොනා කරන්නද මම?මං වෙනුවෙන්..එයා වෙනුවෙන්..අපි දෙන්නම වෙනුවෙන් යුන්ජි කොහොම මාව අතඇරියද කියලා මට හිතාගන්න බෑ..මං නිසා..හැමදාම..යුන්ජිට වුණේ කරදරම විතරයි..

"යුන්ජි.."මට කතා කරගන්න බැරි වුණේ ඉකිගැහුණ නිසා..

"අපි දන්නවා ජිමින්..යුන්ජියා කතා කරලා හැමදේම කිව්වා..මාස්ක් එකක්වත් නැතුව බිබී පාරෙ වැටිලා හිටිය උඹට මාස්ක් එකක් දාලා ජැකට් එකකින් වහලා අපි එනකම් පරිස්සම් කරෙත් යුන්ජියාම තමයි.."හියොන් කියද්දි මං විදුලියක් වගේ හියොන්ගෙන් ඈත් වුණේ ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන..

Only Human | Jimin Centric | CompletedWhere stories live. Discover now