Dear Diary, ...

430 98 43
                                    


📔✍️
අන්‍යොන්...අදය් මට ඔයාව හම්බුනෙ. දැකලා තියනවා ඉස්සර අබොජිත් හැමදේම පොතක ලියනවා.අද ඉදන් ඔයා මගෙ.මොනාද මන් ලියන්නෙ? මොනාද ලියන්නෙ කියලාත් ලියන එක විහිලුවක්ද?ඉතින් මන් ඒක ලිව්වනෙ.අනේ මන්ද...ටේයෝනිටය් මටය් අද කෑම ඇති. රෙදි කඩේට එහා කඩේ හැල්මොනි අද අපි දෙන්නට රය්ස් කේක් ගොඩක් දුන්නා.ඔයාවත් හම්බුනා මට. අද ගොඩක් සතුටු දවසක්.

📔✍️
ටේයෝනිට අසනීපය්.එයාට සීතලය්. අනේ අප්පා, එන්නකො... ඔමොනි අනෙ බලන් ඉන්නවනම් එන්නකො.අප්පත් ඔයා බලන්න ගිය නිසය් ඔක්කොම.මගෙ ටේයෝනි වෙව්ලනවා. බඩ ගොඩක් රිදෙනවා ඔම්මා. ඒත් අද මම පත්තර බෙදන්න ගියා. ටේයෝනිගෙනම් ගොඩක් රිදෙනවද කොහෙද..එයා ඉස්කෝලෙ ගියෙත් නෑ.

📔✍️
සල්ලි මදි නිසා කෑම කඩෙ අජුස්සිගෙන් රස්සාවක් ඉල්ලුවා. එයා මට බැන්නා පොඩි එවුන්ට තියෙන්නෙ ඉගෙනගන්නලු. ඒත් මම පොඩි නෑනෙ. අවුරුදු දාහතරක් මට. මගෙ ටේයෝනි නම් තාමත් පොඩිය්.හිගාකන්න එපා කිව්වා එයා.එයා මට බැන්නා.

📔✍️
මට හොද අජුස්සි කෙනෙක් වැඩ දුන්නා. හැමදාම හවසට ලොකු ලොරියෙ එන බඩු ටික කඩේට අදින්න විතරයි තියෙන්නෙ.එයා මටය් ටේයෝනිටය් කන්න දෙනවා.දැන් අපි දෙන්නට රෑට හොදට කන්න පුලුවන්. පිට රිදුනත් දැන්නම් මට සතුටුය්.

📔✍️
ළමා නිවාසෙකින් කෙනෙක් ආවා. අපිට ඉන්න තැනක් නැති නිසා අපිව එක්කන් යනවලු. අපිට අපෙ ගෙදර තියනවනෙ. මගෙ ටේයෝනිත් බය උනා එයා නිසා.

📔✍️
අපිව බලෙන්ම එක්කන් ආවා. එයාලා අපිව ළමා නිවාසෙ අයට බාරදීලා යන්න ගියා.අපිට කෑම දුන්න හැල්මොනිලු කිව්වෙ අපි කෑම ඉල්ලලා කරදර කරනවා කියලා. ඒත් එයාගෙ කෑම කාපු ගොඩක් දවස් වල ටේයෝනි අසනීපත් උනා.

📔✍️
මෙයාලා අපිට තුන්වේලම කන්න දෙනවා.අපිට අලුත් ඇදුමුත් දුන්නා. හැබැයි ඒවා අදින්න පුලුවන් එයාලා කියන වෙලාවට විතරයිලු.

📔✍️
කවුදෝ කට්ටිය අපිව බලලා යන්න එනවා. අපි හැමෝම අලුත් ඇදුම් ඇන්දේ අද. ටේයෝනිව හදාගන්න ගෙනියන්නත් හැදුවා. මම බෑ කිව්වා. එයා බයය් මන් නැතුව ඉන්න. ටේයෝනිට අම්මෙකුය් අප්පෙකුය් හම්බෙය්ත්ලු.මම මොකද කරන්නෙ? මට බෑ එයා නැතුව ඉන්න.ඒත් මම බෑම කිව්වා.
.
.
.
.
.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 09, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Dear DIARY, 💕 Short ff  💕Where stories live. Discover now