~Waiting~
"අක්කෙ... අක්කෙ.... අක්කෙ..... අක්කෙ..... අක්කෙ.....📢📢📢📢📢📢📢📢"
"අපෝ එලාම් එක.... කටවහගෙන නිදාගන්න දෙනවකෝ...."
මම උදේ පාන්දර කෙඳිරි ගෑවා."තාත්තා ඇවිත් මෝඩ අක්කේ... නැගිටිනවා.....📢📢📢📢📢"
"ඉතින්.....? 🥱🥱🥱🥱...
මොකක්? 😳 තාත්තා....?"😱
මම පඩිපෙල බැස්සා නෙමෙයි පැන්නා."තාත්තා......😍😭😍😭😍😭"
ආපු වේගයෙන්ම මම තාත්තගෙ ඇඟට පැන්නෙ තාත්තව දැක්කෙ අවුරුදු ගානකින් නිසයි."අම්මෝ මගෙ කෙල්ල.... 😍හරි බරයි නෙ දැන්...."
තාත්තා මගෙ කම්මුල් මිරිකන ගමන් කිව්වා. එයා මට එයා අරගත්ත හැමදේම මගෙ අතට දුන්නා. මම ඒ එකින් එක කඩලා බැලුවෙ නොඉවසිල්ලෙන්."මෙයාට තියන සැලකිලි.... පුහ්..."😒
"ඊරිසියාකාරි යනවකො යන්න....හුම්ම්ම්... ඔහේ මෙච්චර කල් තාත්තා එක්ක හිටියෙ..."
"අපි අද රෑ කෑමට එලියට යමු...."
"වා...ව්.... නියමයි."🥳🥳🥳🥳
Lily උඩ පැන්නා.මමත් එයාටම එකතු වුනේ අපි හතරදෙනා එකට කෑම ගන්නෙ ගොඩ කාලෙකින් නිසයි.
ලෑස්ති වෙන ගමන් මම කන්නාඩියෙන් මූණ බලාගෙන කල්පනාවකට වැටුණා."මට අද Ice rink එකට යන්න වෙන්නෙ නෑ නේද?.... 😟
ඒක වගේද මේක? 😤කොච්චර කාලෙකට පස්සෙද? ....
ඒ උනාට මං එයාට කිව්වා නෙ අද එනවා කියලා.... 🥺
ඒක ලොකු දෙයක් නෙමෙ... එයා කිව්වෙ 'happy customer happy company ද මොකක්ද එකක්? එයාට මාව තවත් එක customerකෙනෙක් විතරයි... ඕන කෙනෙක්ට එයා ඒ උදව්ව කරයි...."මගෙ හිත මාත් එක්කම රණ්ඩු කලා.
"අක්කෙ? මනමාලයෙක් බලන්න යනවා නෙමේ.... ඉක්මනට ලෑස්ති වෙලා එනවකො.... අපි තුන්දෙනාම ලෑස්ති...."
"හරි මං ලෑස්ති වෙලා ඉවරයි...."
කණ්ණාඩියෙන් පේන මගෙ ප්රතිබිම්බය බලාගෙන සුසුමක් හෙලපු මම පල්ලෙහා ට ගියෙ 'මනස්ගාත හිතන් එක නවත්වන්න' කියලා මටම කියාගන්න ගමන්.අපි ගියපු restaurant එක තිබ්බෙ ice rink එක ලඟමයි. පවුලෙ හැමෝම හිටියත් මගෙ අවධානය තිබ්බෙ වෙන ලෝකෙක. මොකට කියනවද මගෙ ඇස් හෙව්වෙ එයාවමයි.
"වැරදිලා හරි එයා මේ restaurant එකට එයි ද?
ආ..හ්... මොනවද මම මේ හිතන්නෙ? මට පිස්සුද? එක දවසක් දැක්ක නමක්වත් නොදන්න මනූස්සයෙක් ගැන හිතන්නෙ🙄?""අක්කෙ? මොන ලෝකෙද ඉන්නෙ?"
Lily මගෙ කනට කරලා කතා කලාම මම අම්මා දිහා බැලුවෙ එයාටත් මම වෙන ලෝකෙක හිටි බව තේරුනාද බලන්න. අම්මා මගේ පිඟාන උඩින් තව pizza කෑල්ලක් තිබ්බෙ එයාට ඒක ගානක් ගිහින් නැති බව මට තහවුරු කරමින්."Good afternoon ! අදත් වෙනදා ඒවාමද ඕන?"
මට ඇහුනෙ මට පිටිපස්සෙ මේසෙ waiter කෙනෙක් order එකක් ගන්නවා.
"හැබැයි ඒ පලපුරුදු customer කෙනෙක් වෙන්න ඕන නැත්තම් මේ විදියට අහන්නෙ නෑනෙ""ඔව්... වෙනදා ඒවා මං ගේන්න...."
"ඒ කටහඬ? 😳 ඒ එයා ද?"
ඒ waiter අපෙ මේසෙ පහුකරගෙන restaurant එක ඇතුලට ගියා. මට හැරිලා බලන්න ලොකු උවමනාවක් තිබූනත් මම ආයාසයෙන් පවුලෙ අයට අවධානය දූන්නා.
ටික වෙලාවකින් waiter කෑම අරගෙන ඒ මේසෙට ගියා."ඒක නෙමෙයි Chi-er ? අද මහන්සි පාටයි ඔයාට?"
" C-h-i -e-r ? ඒකද එයාගෙ නම?😯 අහ්.... මට එදා එයාගෙ නමවත් අහගන්න කල්පනා උනේ නෑ නෙ....😖"
"ඔව්.... අද customersලා ගොඩක් හිටියා..."
"ඔව්... ඒ එයාම තමයි... අනේ මට බලන්න ඕන...🥺
"Honey? Lily? ඔය දෙන්නත් කාලා ඉවරයි නේද? අපි යමු?"
අම්මා ඇහුවාම අපි දෙන්නම ඔලුව වැනුවා.
Bill එක pay කරලා අපි නැගිටිද්දි මගෙ ඇස් කෙලින්ම ගියේ මට පිටිපස්සෙ තිබුණ මේසයට.
"ඔව්.... මම හරි.ඒ එයා... ඒ දිලිසෙන ඇස්වල අයිතිකාරයා..."
ඒත් එයා මාව දැක්කෙ නෑ. එයා හිටියේ කෑම එක දිහා බලාගෙන.___________________________________________
To be continued...
31/07/21
YOU ARE READING
Mɾ. Wιɳƚҽɾ - ˢʰᵒʳᵗ ᶠᶠ [Completed]
Lãng mạn"මම දැක්කේ දිලිසෙන කළු පාට Asian ඇස් දෙකක්. ඒවා හරිම ගැඹුරුයි. 🌙✨ Skating shoes වලට වැටුන light එලිය එයාගේ ඇස් ඇතුලෙන් දිලිසෙනවා. මම ඒ ඇස් වල සෑහෙන වෙලාවක් අතරමං වෙලයි හිටියේ...."