ඕනම කෙනෙක්ට තමන්ගේ කෙනෙක් නැති වීම දරාගන්න ගොඩක් අමාරුයි.Jayce ට Jayce ගේ තාත්තා නැති වෙච්ච එක දරාගන්නත් ගොඩක් අමාරුයි..තාත්තගේ අනුස්මරණ දවසේ රෑට Jayce බොන්න පුරුදු වෙලා හිටියා. ඒ තාත්තාව අමතක කරන්න හිතාගෙන නෙමේ තමන්ට දැනෙන වේදනාව නැති කරගන්න..එදත් ඒ වගේ දවසක් Jayce රෑ 7 විතර වේගෙන එනකොට Bar එකට ගියා..සාමාන්‍ය මනුස්සයෙක් බොන ගානට බිව්වම වෙරි නොවෙන එකත් Jayce ට ලොකු අවුලක්..
"මොන මඟුලක් ද? ඇයි මට තව වෙරි වෙන්නේ නැත්තේ.."
Jayce තමන්ට දොස් පවර ගත්තා.ඒත් එක්කම තව බෝතල් භාගයක් විතර බිව්වා.වටපිට බලද්දී Jayce ට දන්න අදුරන මූණක් පෙනුනා..ටිකක් විතර වැනි වැනි එතනට ගියා.
"මේ හලෝ..මං මෙතනින් ඉඳගන්න ද?"
"ඕහ්..මගෙන් ද ඇහුවේ?හරි...ඉඳ..ගන්න"
අමාරුවෙන් කකුල් දෙක කෙලින් කරගෙන ඇවිත් ඉදගත්තා.ඒ වෙලාවේ වෙරි හිදෙන බව Jayce දැනගෙන හිටියා.ඒ වගේම එයා ඒ හේතුවට වෛර කරා..
"මේකයි නංගී මං හිතන්නේ මං ඔයාව දන්නවා"
"ඒ කොහොමද bro ? මට මීටර් නෑනේ.."
ඩී එහෙට මෙහෙට වැනෙන්න..ගත්තේ තාම වීදුරු 3 කට වඩා නොබී.එයා පොඩි කෙල්ලෙක් නිසා ඉක්මනට වෙරි උනා.ඒත් දිගටම බීගෙන යන්න ඩී ට පුළුවන් වුණා..
"ස්කූටි කෙල්ල..එයා තමයි ඔයා "
ඇස් දෙකත් පිහිදගෙන අමාරුවෙන් ඔලුව උස්සලා බැලුවා.ඩී ට Jayce අදුරන්න පුළුවන් වුණේ ඩී වීදුරු තුනකට වඩා නොබී හිටපු නිසයි.."අෂ්..මට කොහොමද ඔයාව අදුරන්න බැරි උනේ..ඔයා මගේ ස්කුටියේ හැප්පුන light කණු bro නේ?"(ඩී)
"අන්න හරි...දැන් ඔයා මොකද මෙහේ?"(Jayce)
"වෙන මොකටද ඉතින් හිත හදා ගන්න"(ඩී)
"අෂ්..boot කෑවා නේද?හහ්..මං හරිනේ?"(Jayce)
"නෑ..නෑ..මොන boot ද?..මං බොන්නේ..අම්මා නිසා"(ඩී)
"එයා මැරුණ ද?"(Jayce)
Jayce එහෙම අහන එක හරි නැති උනත් ඩී තමන් වගේම අම්මා නැති කෙල්ලෙක්ද කියලා දැනගන්නම උන නිසා..
YOU ARE READING
I MET HER [COMPLETED✔]
Werewolfමිනිස් වෘකයන්ගේ සහ වැම්පයර්වරුන්ගේ ගැටුම් අතරින් ගලා යන වෘක කොල්ලෙක්ගේ සහ සාමාන්‍ය කෙල්ලෙක්ගේ ආදර කතාවක්....💏 වෘක හා වැම්පයර් ගැටුම් නිසා ඔවුන්ගේ ආදරයට කුමක් වෙයිද? වෘකයන්ගේ නීති හා සංස්කෘතිය නිසා ඔවුන්ගේ ආදරයට කුමක් වෙයිද?