"ඔම්මා... මං ආවා...මට කිරි තේ එකක් හදන්නකෝ..."
ස්කූල් ඇරිලා ගෙදරට ආපු මම කාර් එකෙන් බැහැලා ගේ ඇතුලට දුවගෙන ගියේ ඔම්මට කිරි තේ එකක් හදන්න කියලා කෑ ගහලා කියන ගමන්."මේ වෙලාවට කිරි තේ බීලා හරියනවද ළමයෝ.. ගෙදර උයලා තියෙන්නෙ කන්න..ගිහින් වොශ් එකක් දාගෙන ඇවිත් කන්න." ඔම්මා කීවා.
"අනේ ඔම්මා හොද ඔම්මනේ.. දැන් මට කන්න බැහැ..කිරි තේ එකක් හදන්නකෝ..." මම,ආයේ පාරක් ඔම්මට එහෙම කීවේ මං දෙවෙනි පාරටත් දෙයක් ඉල්ලනකොට ඔම්මා කවදාවත් නොදී ඉන්නෙ නැති නිසා...
"හරි ගිහිම් වොශ් එකක් දාගෙන එන්න. මං කිරි තේ එකක් හදලා දෙන්නම්.." ඔම්මා එහෙම කීවම මම උඩ තට්ටුවට දුවගෙන ගියේ ඉක්මනට වොශ් එකක් දාගෙන පහලට එන්න.
වොශ් එකක් දාගෙන පහලට ආපු මම සෝෆා එකෙන් වාඩිවෙලා ටීවී එක දාගත්තෙ ඔම්මා තවම මගේ කිරි තේ එක ගෙනත් දුන්නෙ නැති නිසා..
ටීවී එකෙත් බලන්න දැම්මට බලන්න කිසිම දෙයක් තිබුනෙ නැති නිසා මම ඔහේ ටීවී එක දිහා බලාගෙන ඉදියා.
"උද්ඝෝශන පැවැත්වීමේදී මහජන කටයුතු වලට බාධා කිරීම, මහජන දේපල වලට හානි කිරීම සම්බන්දයෙන් මින් යුන්ගි ශිෂ්‍ය සංගමයේ නායකයා නැවතත් අත්ඩංගුවට"
ඒ ඇහුනු දේත් එක්ක මං ටීවි එක දිහා බලන් ඉදියේ මින් යුන්ගි කියන්නෙ අපේ ගෙදර ඩ්‍රයිවර් අංකල් මින් දෝහාගෙ එකම පුතා වුනු නිසා..
මින් යුන්ගි අපේ ස්කූල් එකේ ගොඩක් ගර්ල්ස්ලගෙ ක්‍රශ් එක වුනේ මින් යුන්ගි. අපේ රටේ ගොඩක් වෙලාවට යුනිවසිටි වල ඉඩ වෙන් කරගන්න සල්ලි ඕනි වෙනවා. මින් යුන්ගි කියන්නෙත් සල්ලි අඩුපාඩු තියෙන කෙනෙක් නෙමේ කියන්න අංකල් මින් කියන දේවල් වලින් මං දැනගෙන ඉදියා. මින් යුන්ගි,එයාගෙ යාලුවො මේ කෑ ගහන්නෙ එයාලා වෙනුවෙන් නෙවේ. අපේ රට, South Korea කිව්වම ගොඩක් අයට පේන්නේ ගොඩක් පොහොසත් සල්ලි තියෙන රටක් විදියට. ගොඩක් සැප පහසුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක් විදියට .ගොඩක් අය හිතන්නෙ එහෙම .. ඒත් එයාලා දන්නෙ නෑ මේ රටේ ඒ සල්ලිකාර මිනිස්සු වගේම තව දුප්පත් ගොඩක් අමාරුවෙන් සල්ලි හොයන අසරන ජීවිතත් මේ රටේ තියෙනවා කියලා ..එහෙම ජීවිත තමන්ගෙ ජීවිතේ ජීවත් කරවන්න,තමන්ගෙ දරුවගෙ ජීවිත ජීවත් කරන්න ගොඩක් ලොකු දුකක් විදිනවා.. මින් යුන්ගි කෑ ගහන්නෙ අරගල කරන්නෙ එයාල වෙනුවෙන්, එයාලටත් ඉගෙන ගන්න අයිතිය අරගෙන දෙන්න.. දුප්පත් අසරන ලමයින්ගෙ අනාගතය,වෙනුවෙන් එයාල අරගල කරන්නෙ.. එහෙම බැලුවොත් මින් යුන්ගි කියන්නෙ වැරදිකාරයෙක් නෙවේ.
YOU ARE READING
𝐂𝐡𝐀𝐍𝐠𝐞𝐬 | 𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧
Fanfiction~SOMETHING CHANGE LIVES..❤️~ -YOONMIN - Cover by@Senu_31