මිනූ_🥀

270 54 49
                                    

අහිමිවන බව දැනගන
ආදරේ කරන්න.....🥀

                       ☆☆☆☆

"අනූ...."

එයා කදුලු අස්සෙන් කෑගහන හැටි මට හොදටම ඇහුන..
මගෙ හිත මට කිව්වෙ 'ආපහු හැරියන් අනූ!  උබ පරක්කු නෑ' කියල....
ඒත් මගෙ මොලේ...
මන් හුගක් වෙලාවට තීරන ගන්නෙ මගේ හදවතට එකගව...ඒත් අද මගෙ මොලේ ඉස්සර වෙලා...

                     ☆☆☆☆

"දෝනි!  මොකද බන් මේ"
අම්ම දොරකඩ ගාව ඉදන් දැන් විනාඩි පහක් තිස්සෙ කෑගහනව...
වෙන මොනවටවත් නෙමේ.ඔෆිස් ඇරිල ඉහින් කනින් තෙමීගෙන ආපු මාව දැකල...

අම්මල කොහොමත් එහෙම  නෙ.මන් තමයි අපේ අම්මගෙ අප්පච්චිගෙයි මුලු ලෝකෙම.
අයියා...මන් වෙනුවෙන් ඕනිම වෙලාවක ඉස්සරහට එන්න ලෑස්ති කෙනෙක් උනත් එයා කවදාවත් මට ඒක පෙන්නුවෙ නැ.

"උබට මන් කිව්ව කුඩේ ගෙනියන්න කියල..හෙට නිවාඩු දාල අඩ අඩ හිටපන්කො"

"ඔය කෙල්ලට බැන්න මදෑ නෝනෙ.....කෙල්ලෙ ගිහින් ඇදුම් මාරු කර ගනින් ඉක්මනට"

මට තිබ්බෙ ටිකක් අමුතු කැරලි කොන්ඩයක්.....ඒකට මම ඇරෙන්න අනිත් හැමෝම හුගක් ආසා කලා.....ඒත් මන් එහෙම කතාබහට ලක් වෙන්න කැමති කෙනෙක් නෙමේ.....

කියන තරම් ලොකු වැස්සකට මාව අහු උනේ නැතත් කොන්ඩෙ තෙමිච්ච වතුර මගෙ පිට දිගේ හෙමීට බේරුනේ කොන්ද හරහා හීනියට විදුලියක් යවන ගමන්....

ඉක්මනට බාත් රූම් එකට දුවපු මම පැයක් විතර හොදට නාගන කාමරේට ආවෙ අම්මගෙ කටේ බලේට....
(වැස්සෙ නාන්න පුළුවන් ද කියාන්කො)

ඒ වෙද්දිත් මගෙ මේසෙ උඩ තිබුන කෝපි කෝප්පෙන් තාමත් දුම් දානව...

"අම්මත් බොරුවට මහන්සි වෙනව......සමහර විට අප්පච්චිටත් හදන්න ඇති"

කොන්ඩෙ හොදට පිහදගන උඩට කරල බැදගත්ත මන් කෝපි එකයි ෆෝන් එකයි අරන් ඇදට බර උනේ ඇගේ මහන්සිය තදටම දැනුන නිසා

"Anupama: oya gedara giyada anu"

උඩින්ම තිබුන ඒ මැසේජ් එකට මන් වැඩි අවධානයක් නොදී ස්ක්‍රීන් එක එහෙට මෙහෙට කලේ කෝපි එක තාමත් රස්නෙ නිසයි.

| ʀᴀɪɴ ᴅʀᴏᴘ | Where stories live. Discover now