මිනූගෙ අම්ම බර්ගර් උනාට තාත්තා සින්හල බෞද්ධ....මිනූ කියන විදිහට ආගම ජාතිය එයාලගෙ ආදරේට බාධාවක් වෙලා නැහැ....ඒත් දැන්....මිනූගෙ අම්මට ඩිවෝස් එක ඕනිලු....ටිකක් ලොකු රන්ඩු කීපයකට පස්සෙ මිනූගෙ තාත්ත අම්මට ඩිවෝස් එක දෙන්න කැමති උනාලු....මිනු අම්මගෙ කකුල් දෙක අල්ලල යන්න එපා කිව්වත් මිනූගෙ අම්ම මිනූව එයාගෙ තාත්තට නීත්‍යානුකූලව පවරලා එයාව සදහටම තනිකරල ගිහින්....
මට මිනූගෙ අම්ම එක්ක ආවෙ ලොකු තරහක්...දාල ගියාටවත් තනිකලාටවත් නෙමෙයි...ඒ ලස්සන හුරතල් මුනට බින්දුවක්වත් නොගැලපෙන කදුලු දුන්න එකට...."අඩන්න එපා මිනූ! " මන් කිව්වෙ එයාගෙ ඔලුව හෙමින් අතගාන ගමන්...
"අද ඉදන් හැමදාමත් හැමදේටම ඔයාට මම ඉන්නව...හැමදාමත් ලගින්...පොරොන්දු වෙන්නම්"
හෙමීට ඔලුව උස්සල මගෙ දිහා බලපු එයා හීනියට හිනා උනේ කාන්තාරෙකට වැදුනු පුන්චි හුලගක් වගේ....
පොරොන්දු.....මේ වෙනකන් මට ඒක ආරක්ශා කරන්න බැරි උනා...ඒ වගේම,
අව්ව තියන්නෙ පිච්චෙන්න
වැස්ස තියන්නෙ තෙමෙන්න
හිරිකඩ තියන්නෙ වදින්න
පොරොන්දු තියන්නෙ කැඩෙන්නඅවුරුදු එකක් අපි එකට ඉගනගත්තා, සෙල්ලම් කලා, කෑව, බිව්ව, ප්‍රශ්න බෙදාගන විසදගත්ත...හැබැයි ඒ කිසිම වෙලාවක මට එයාගෙ හැගීම් තේරුන් ගන්න බැරි උනා.
පන්තියෙ ලමයි විහිලුවට කිව්වෙ 'උබල දෙන්න ගෑනියි මිනිහයි වගේනෙ' කියල.....මන් ඒකට හිනාවෙද්දි එයා හිනා නොව්නෙ ඇයි කියල මට තේරුනෙ නෑ.
එයා මට ආදරේ කරල........
ඔව් අපි හැමොම අපිට ආදරෙයි.යාලුවන්ට ඊට වැඩියෙනුත් ආදරෙයි.
ඒත් ඒ විදිහට නෙමෙයි....එයා මට ආදරේ කලේ වෙනස් විදිහයට....
එයා මට ඒක ගැන කිව්වා...දවසක්
එයාට ඕනි උනේ මාව වැලදගන හාදුවක් දෙන්න...අපි යාලුවො විදිහට ඕනිතරම් බදාගන වෙලාගන ඉදල තිබුනත් මේක මට නුහුරු උනා....
"මන් ඔයාට ආදරෙයි අනූ....යාලුවෙක් විදිහට නෙමෙයි....ඊට වඩා"
එයා කියපු දේ තේරුම් ගන්න මට ටික වෙලාවක් ගියා.ග්‍රවුන්ඩ් එකේ කවුරුත්ම හිටියෙ නෑ.ඉස්කොලෙ ඇරිල හුගක් වෙලා නිසා වෙන්න ඇති....