3.

485 126 5
                                    

LOVE ?

____________________________________

මේකප් රිමූ කරනකම් මම බලන්න පුළුවන් වුණ වෙලාවට ඇස් යැව්වෙ පුංචි කැමරාවකුත් උස්සන් රූම් එක වටේ යන කුකී දිහාට ..

" ඔහ් , ජින් හ්‍යුන් අද හැන්ඩ්සම් .. "

ජින් හ්‍යුන් ළඟට ගිහින් කුකී කියන්නෙ ජින් හ්‍යුන්ට එයාගෙ බනී හිනාවත් දාලා ..

" යා මම වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් .. දන්නවනෙ ..? "

කැමරාවට ළං වෙල ජින් හ්‍යුන් කියද්දි අපි හැමෝම හිනා වුණා .. හෝබි හ්‍යුන් නම් අත්පුඩි ගගහා හිනා වෙනවා ..

" ටේහ්‍යුන්ගි හ්‍යුන් .. ඔහ් කියෝවෝ .. "

කුකී ටේට කියද්දි මට පොඩි ඉරිසියාවක් නොදැනුනා නෙවෙයි .. ඒත් මං හිනා වෙලා එයාල දිහා බලන් හිටියෙ මගෙ සෝල්මේට් ටේටෙ අද ගොඩක් කියුට් නිසා ..

" අහ් ජිමිනි දා .. "

මං කතා කළාම ගණන් නොගත්තත් මාව කේන්ති ගස්සන්න මොකක් හරි දෙයක් කුකී දවසකට එක පාරක්වත් කියනවා ..

" යාහ් මං තමුන්ගෙ හ්‍යුන් ..!! "

මං කියන්න හැදුවෙ කේන්තියෙන් වුණත් මට හිනා ගියා .. කුකී එක්ක කොහොම කේන්ති ගන්නද ..?

" අරස්සෝ අරස්සෝ ජිමින් හ්‍යුන් .. "

කණ්ණාඩියෙන් කැමරාව එයාට හරව ගන්න ගමන් කුකී කිව්වෙ මාව ගණන් නොගෙන ..

" ජංගුකී යමුද මට මහන්සියි .. "

ටේටෙ කියද්දි ,

" හා යමු .. මං ඔයා යමු කියනකම් හිටියෙ .. "

කුකී එහෙම කියලා ටේටෙයි යුන්ගි හ්‍යුන් එක්කයි යන්න පිටත් වුණේ ඩෝර්ම් එකට ..

එයා මං වෙනුවෙන් , මාත් එක්ක යන්නත් ඉන්නව නම් .. මං හැමදාම උදේට එයා එනකම් ඉන්නවා වගේ ..

- PJM -

____________________________________

LOVE ? [ JIKOOK / Completed ]Where stories live. Discover now