මට අද වගේ මතකයි.එයාව මන් මුලින් ම දැක්ක දවස.මගේ ඔම්මා එයාව පරිස්සමින් ලගට අරන් රෝසමලක් වගේ පුංචි මූනට හාදුවක් දීල අප්පා අතට දුන්නු විදිහ.එදා ඉදන් එයා අප්පගෙ දගකාර රෝස මල වුනා.එයාව දකින හැමෝටම එයා හුරතල් ,ආදරණීය පුංචි කෙල්ලෙක්.
ඒත් මට ,මන් මගේ ජීවිතේ වැඩිපුරම වෛරකරන කෙනා එයා වුනා.පුංචි කාලෙ ඉදන්ම එයා මන් ලගට එද්දි මන් නැගිටල යන්න පුරුදු වුනා."ඔප්පා ඔප්පා"කියන් මගෙ පස්සෙන් එද්දි මන් එයාව මට පුලුවන් හැම විදිහකින්ම මගඇරියා.ඒ හැමදේටම මට හේතුවක් තිබුනා.මගෙ ඔම්මගෙ බඩට එයා එද්දි මට වයස අවුරුදු හයයි.හැම පුතෙක් වගේම මන් මගෙ ඔම්මාට ගොඩක් ආදරය කලා.අවුරුදු හයක් වුනු මන් ඔම්මා අප්පා එක්ක විතරක් ඉදල මට සෙල්ලම් කරන්න අලුත් බබෙක් එනවයි කිව්වම මන් ගොඩක් සතුටු වුනා.ඉතින් මාත් ඔම්මයි ,අප්පයි එක්ක එයා එන දවස වෙනකම් ඇගිලි ගැන ගැන
බලන් හිටියා.
එයාව හම්බෙන්න ඔම්මට අමාරුවෙලා ඇඩ්මිට් කලා කියල නැනී ඇවිත් මාව ඉස්කෝලෙන් කලින්ම අරන් ගියේ අප්පට ඔම්මා ගාව ඉන්න වුනු නිසා.මන් නැනී එක්ක හොස්පිටල් එකට ගියාම දැක්කෙ වෝඩ් එක ඉස්සරහ කලබලෙන් එහාට මෙහාට ඇවිදින අප්පාව.මගෙ හිතට ඔම්ම ගැන භයක් දැනිලා මගෙ ඇස්වලට කදුලු පිරෙද්දි ,නැනීගෙ අතින් මාව අරගත්ත අප්පා මාව බදාගෙන හිමිහිට මගෙ පිටට තට්ටුකලේ,