5.....💝

2K 466 236
                                    

ඒ කියන්නෙ එයා ඉන්නව....ඒත් මන් ඇස් අරින්නෙ නැතුව මුලින්ම එයාගෙ අත මැණික් කටුව ගාවින් අල්ල ගත්තෙ එයා යාවි කියල මගෙ හිතේ තියෙන බය නිසා.මන් හිමින් ඇස් ඇරල ඇදේ වාඩි උනා.ඊට පස්සෙ මන් බැලුවෙ මගේ එහාපැත්තෙන් මගේ දිහා ඇසුත් ලොකු කරගෙන බලන් ඉන්න එයා දිහා.

Tae:-" කුකී....ඔයා හොදින් ද?"

එයාගෙ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් මට හිතාගන්න බෑ.මන් එයාව මගේ තුරුලට ඇදල අරගෙන අත් අතර හිර කර ගත්ත. මන් ඒක කරා.ඔව් මන් මායාව බිඳල දැම්ම....ඒකෙන් ඔප්පු උනේ මන් එයාට අවංකවම ආදරෙයි කියල....මට ඇඩුනා....ඒ සතුටු කදුලු....ටේ මගේම කරගත්ත එක ගැන මට සතුටුයි....ඒත් එයා ආයිමත් ගියොත්....නෑ ඒක වෙන්න දෙන්න බෑ...බෑ ටේ මගේ විතරයි...මං ටේව තවත් තදින් බදාගෙන එයාගෙ උරහිසේ ඔලුව තියන් ඇඩුව.....ටේ නිකන් මගේ හිත තේරුම් ගත්ත වගේ 'මං ඔයාව දාල කොහෙවත් යන්නෙ නෑ කුකී' කියල කියන ගමන් මගේ ඔලුව අත ගෑව.මගේ හිතට ලොකු සැනසීමක් දැනුනෙ...එයාගෙ වචන වලින් මගේ කදුලු ඉබේටම නැවතුනා....මං එයාගෙ උරහිසින් ඔලුව අරගෙන එයාගෙ මූණ දිහා බැලුව...

ගොඩක් ලස්සනයි...හිතා ගන්න බැරි තරම් ලස්සනයි.එයාගෙ ඇස්වල දෙයක් ලියවිල තියෙනව කියල තේරුණා මට.....ආදරය....මට හිතුනෙ එයාගෙ ඇස් වල මං ගැන ආදරයක් තියෙනව කියල......ඒත් මං එයාව කියවනව වැරදි උනොත්....නෑ එහෙම වෙන්න බෑ ,එයා මගේ.ආදරේ නැත්නම් මං එයා මට ආදරේ කරන තැනට වැඩ කරනව...ඔව් මන් එහෙම කරනව....මං එයාගෙ අත් දෙකෙන් අල්ලගෙන එයාගෙ ඇස් දිහා බැලුවෙ මගේ හිතේ එයා ගැන තියෙන හැගීම කියන්න හිතාගෙන.

Jk:-" ටේ...මේකයි...ඔයාගෙ රූපෙ අදින්න ගත්ත වෙලාවෙ ඉදල මට ඔයා ගැන වෙනස් දෙයක් දැනුන....ඒක මොකක්ද කියල මට තේරුණේ නෑ මට මුලින්ම...ඒත් දැන් මට තේරෙනව....මං .......මං....ඔයාට.....මේ...මං....

Tae:-" කුකී ඉස්සෙල්ලම සංසුන් වෙන්න. දැන් හෙමීට කියන්න "

Jk :-" මං ඔයාට ආදරෙයි ටේ" එහෙම කියල මන් බිම බලාගත්තෙ එයාගෙ ප්‍රතිචාරය මොන වගේද කියල බලන්න මගේ හිතේ ධෛර්යයක් තිබුනෙ නැති නිසා.ඒත් එයාගෙ දිග ඇගිල්ලක් මගේ නිකට යටින් තියල එයා මගේ ඔලුව ඉස්සුව....මගේ ඇස් දිහාම බලාගෙන එයා මට දෙයක් කිව්ව....

The Art....Where stories live. Discover now