මෙච්චර කාලෙකට කාපු රසම ගුටි බැටය අම්බාබකට සප්පායම් වෙලා මම ගුටි කාපු උදලු මිටටම වාරු වෙලා නැගිට්ටේ ජීවිතේ මොන තරම් සැපද කියලා හිත හිතයි....
අහල පහල හිටිය එක බල්ලෙක්වත් මම නැගිටිද්දි හිටියේ නෑ......... ඈතින් කපුටෙක් හූ තියන සද්දෙ ඇර වෙන කිසි සද්දයක් මට ඇහුනෙත් නෑ.
ඇඟේ තිබ්බ වැලි ටිකත් ගසා බසා දමලා මම නැගිට්ටේ කට්ට කරුවල වට පිටේම තිබ්බ නිසාත් ආයි ගෙදර යන්න ඕනි කියලා මතක් උන නිසා .
ගමේ එවුන් නම් පවසන්නේ මම වගේ එකෙක් මුලු ගමටම ඇති කියලයි. යන යන තැන බේගලයක් ඇදබාමින් පිරිමි එකෙක්ටවත් නිසකලංකේ ඉන්න නොදී වල් ඇහැ කරක කරකෝ ගම වටේ දිනපතා සංචාරය මා කරන්නේ ඉතාමත් ආසාවකින් ය.
පුදුමේ කියන්නේ මේ සුකුමාල මගේ ඇඹරිල්ලට මෙදා පොටේ එකා නන් අහු උනේ නෑ... අම්මපා ඌ නන් තොරොම්බල් කරත්තයක් වගේ...ඉර කන්නාඩි ඇස් වලට දාන් දම්වැල් කලිසම වටේ ඔතන් පෙට්ටියක් වැනි තොප්පියක් ඔලුවට දාන් ඌ මහ අමුතු බැල්මට් එකක් දාන් හිටියේ....
YOU ARE READING
💥 හක්කපටාස් 💥
Fanfictionහිනාවෙන්න දන්න විහිලු දන්න ඈයෝ එක් වෙන්න... නොමිලේ හක්ක පටස් වෙන්න දෙනවා.. අමුතු ඇටේ ඕපන් මයින්ඩ් එකේ ඉන්න ඈයො ගොඩ වෙන්න පීස් 😌👍 අපහාසයට නොව හුදෙක් උපහාසය සඳහාම පමණි. 😌