5)Game On

334 82 45
                                    

His Pov

වේදනාව, විඳවීම සාමාන්‍යෙන් සතුට එක්ක ගැලපෙන්නෙ නැති වුනත් ඒක එහෙම වෙනවයි කියලා විශ්වාස කරන්න අපි හැමෝටම වුවමනා වුනා.
අපි අපේ ජීවිතේ ලැබෙන විඳවීමක්ම දවසක සතුටක් වෙනකම් බලන් ඉන්න මිනිස්සු..

ඒත් මන් දැන් ඉන්නෙ අතරමන් වෙලා..
මන් මේ කරන්න හදන සෙල්ලම තේරුම් ගන්න බැරුව මන් අතරමන් වෙලා..

මන් දිහාට එල්ල වෙලා තිබුන මිස් සෝයුන්ගෙ ඇස් දිහා එක පාරක් බලපු මන් වයින් බෝතලේ හෙමීට අරින අතරෙ එයා එතන තිබ්බ ඝන තිරරෙද්ද එහාට කලා.නිරාවරණය වුන වීදුරු ජනේලෙන් රෑ අහසෙ එළිය අඳුරු කාමරේට වැටුනා.එයා හෙමීට වීදුරු ජනේලෙ ඇරලා රෑට සෝල් වල තිබුන සීතල හුළඟට කාමරේට එන්න දුන්නා.ඒ අතරෙ වීදුරුවට පිරුණ ඉස්තරම්ම වයින් ටික මගෙ උගුරෙන් පහළට ගියා.

"මෙහෙට එන්න මිස්ටර් ජියොන්.."එයාගෙ කටහඬ මෘදු වගේම ස්ථාවර වුනා.

නැඟිටපු මන් ජනේලේ ළඟ එයාගෙ එහා පැත්තෙන් හිටගෙන ඈතින් පේන බිල්ඩින් වගේම ලයිට්ස් දිහා බැලුවා.හීතල හුළඟ වගේම වයින් වල රසය මගෙ හිත ටිකක් සන්සුන් කරල තිබුනා.

"මිස්ටර් ජියොන්..
මේ බිල්ඩින්, පාරවල් , වාහන ඔයාට පේනවා නේද?" එයා කලින් ස්වරයෙන්ම කියද්දි මන් සාවධානව ඇහුම්කන් දුන්නා.

"අවුරුදු පන්සීයකට කලින්.. මේ දේවල් මීට වඩා වෙනස් තත්වෙක තියෙන කාලෙකදි..මුළු යුරෝපයෙම අමුතු ලෙඩක් පැතිරුනා. කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නෑ ඇයි මිනිස්සු මැරෙන්නෙ කියලා. ඒ කාලෙ අඳුරු මරණය කියලා නම් කරපු මේ ලෙඩේ මිනිස්සුන්ගෙ පාපයන් නිසා දෙවියො එවුවා කියලා ඒ අයම නම් කලා.."

මිස් සෝයුන්ගෙ කටහඬ අණක් නොවුනත් ඒක අහන්න මාව පෙළඹුනා.හඳ එළිය වගේම ඇඟ වටේ එතෙන සීතල හුළඟ මැද්දෙම වධකාගාරයක් ඇතුලෙ මන් එයාගෙ කටහඬට අවනත වුනා...

"ඉතින් මිනිස්සු කොටසක් මනුෂ්‍යත්වයෙ නාමයෙන් තමන්ගෙ ජීවිත පරිත්‍යාග කරන්න තීරණය කලා.ඒගොල්ලො එයාලා ගොඩක්ම බය දේ වුන ශාරීරික වේදනාව වෙනුවෙන් ඉදිරිපත් වුනා.එයාලා පාරවල් දිගේ දම්වැල් වලින් කසවලින් තමන්ගෙ ඇඟවල්වලට පහර දිදී ඇවිදින්නට පටන් ගත්තා.ඒ ගොල්ලො දෙවියන්ගෙ නාමෙන් වේදනාව විඳින අතරෙ ඒ වේදනාව තුළින්ම දෙවියන්ට ප්‍රශංසා කලා.ඉක්මණින්ම ඒ අයට තේරුණා පාන් පුළුස්සනවට වඩා, වගා කරනවට වඩා,සත්තුන්ට කෑම දානවට වඩා මේ කරන දෙයින් එයාලා සතුටු වෙනවා කියලා.වේදනාව තවදුරටත් විඳවීමක් වුනේ නෑ.ඒ වෙනුවට ඒක සතුටට කාරණයක් වුනා.මොකද එයාලා මිනිස්සුන්ව පාපයකින් ගලවන ගමන් හිටිය නිසා.ඒ වේදනාව...එයාලගෙ සතුට වුනා මිස්ටර් ජියොන්."

Wrong Place |JJK|onholdWhere stories live. Discover now