My Brother

900 161 177
                                    

ආමාරුවෙන් පුළුවන් තරම් වෙර දාලා මං ඇස් ඇරියා..... මං ඇස් අරින කොට මගේ ඇස් ඉස්සරහා හිටියේ මං මේ ලෝකේ දකින්න ආසම ඇස් දෙකක් ............

වෙන කවුරුත් නෙවේ.............

මගේ ආදරේ..........

මගේ හොබී..............

" ඔයා ඇස් ඇරියද යෝනා..... ඉන්න මං ඉක්මනට ගිහින් ඩොක්ටර්ව එක්කන් එන්නම් "

එයා ගිහින් ඩොක්ටර්ව එක්කන් එනකන් මම බලන් හිටියා මට මේ වෙලාවේ බලන්න ඕනිම ඇස් දෙකේ අයිතිකාරයා එනකම්.......

" බය වෙන්න දෙයක් නෑ ....... තව ටික දවසකින් මෙයාව ඩිස්චාර්ජ් කරන්න පුළුවන් වෙයි....... මෙයා නේද අර...... "

" හරි ඩොක්ටර් මං පස්සේ ඩොක්ටර් එක්ක කතා කරන්නම් "

මොනවද හොබී මගෙන් හංගන්නේ... එයාගේ ඇස් දෙකත් ඉදිමිලා..... ගොඩක් අඩලා..... ඒත් හොබීට අඩන්න හේතුවක් නෑනේ....

" හොබී ඔයා ඇඩුවද ? "

" නෑ ඇයි එහෙම ඇහුවේ ? "

" ඔයාගේ ඇස් දෙක ඉදිමිලා ..... ඒකයි "

" ආ මේ......මේ.... නිදිමරපු හින්දා වෙන්නැති  "

" හොබී කෝ එයා..... ඇයි මාව බලන්න එන්නේ නැත්තේ....... මට සමාව ගන්න ඕනි....."

" එයා ගෙදර ගියා....ඔපරේෂන් එක ඉවර වෙනකන්ම එයා හිටියනේ ..... මම එයාව ගෙදර යැව්වා..... එයා එනකන් ඔයාට මේ ඩයරිය කියවන්න කිව්වා......"

📝📝📝📝📝📝📝📝 📝📝📝📝📝

Dear Diary ,

ඔයාව අද තමා මට හම්බ වුනේ..... දන්නවද ඔයාව මට දුන්නේ කවුද කියලා.....මගේ පුංචි යෝනා.......එයා තමා එයාගේ ඔප්‌පට ඔයාව දුන්නේ......

දන්නවද මගේ පුංචි යෝනා හරිම දගයි..... ඔම්මයි අප්පයි කියන දේ අහන්නෙවත් නෑ.... හැබයි එයා මං කියන හැමදේම අහනවා.......

ඔයා දන්නවද ..... මගේ පුංචි යෝනා කොච්චර ලස්සනද කියලා..... එයා සුරංගනාවියක් ....... මට එයා මැණිකක්.......

ඒත් ඔයා දන්නවද..... එයා මට කවදාවත් ඔප්පා කියලා කතා කරලා නෑ......... මම ආසයි ඒ වචනේ එයාගේ කටින් අහන්න...... ඒත් එයා මට ඊට වඩා හොද නමකින් කතා කරනවා.....මම ඒකට ගොඩක් ආසයි..... මම තමාලු එයාගේ හීරෝ.....මගේ පුංචි යෝනා මට කතා කරන්නේ හීරෝ‌ කියලා..... මගේ මැණිකගේ හීරෝ මම.....

My Brother | MYG | Short FF | (Completed )Where stories live. Discover now