සමලිංගිකයා.....
කොලුකාරයා.....
උඹ ආසා කොල්ලන්ට ද?
අපෝ තාත්තා ලා වගේම නැතෑ ලමයාත්....
මට මේවා අහලම ඇති වෙලා. මගේ ජීවිත කාලෙ ම ගෙව්නෙ මගේ තාත්තලාට බනිනවා අහන්න.
‘තාත්තගේ අඩිපාරෙම යන පුතණ්ඩියා’ කියලා අහගන්න මට සිද්ද උනා.
මට මේක එපා වෙලා. මොකක් ද මේකේ තේරුම? ඇයි හැමෝම මෙහෙම ? අපි හැමෝම මනුස්සයෝ. එයාලට වගේම මටත් හැගීම් දැනෙනවා.
ඔයාලා බලනවා ඇති මම කවුද කියලා
මගෙ නම ටේහ්‍යුන්. මගේ තාත්තා නම්ජුන්. එතකොට.... අම්මා?
නෑ. මට අම්මා කෙනෙක් නෑ. මගේ දෙමාපියෝ දෙන්නම තාත්තලා.
නම්ජුන්. ජින්.
ඔයාලත් මට හිනා වෙනවා නේද?
කමක් නෑ හිනා වෙන්නකෝ. මට ඕවා හොදට පුරුදුයි.
කෙනෙක් තමන්ගෙ අම්මටයි තාත්තාට යි ආදර ගෞරව කරන්නෙ කොච්චරක් ද...... මමත් ඒ තරමටම කරනවා. ඒක වැරදිද?
ඒ මගේ පවුල. කාටවත් බෑ ඒකට හිනා වෙන්න.
මගේ ලෝකේ.
මගෙ හැමදේම ගෙතුනෙ ඒ සමාජෙම හිනා උන ඒ පුංචි ආදර කතාව වටා.
මම අද මෙහෙම හරි ජීවත් වෙන්නෙ ඒ මට දුන්නු ආදරයට පිං සිද්ධ වෙන්න.
ඒ මගේ ජීව විද්‍යාත්මක දෙමාපියෝ නෙවේ.
ඔව්. මම ඒක දන්නවා. ඒත් මගෙ ඇත්ත අම්මා මාව ඉපදුනු ගමන් පරණ ගෝනියකට දාලා ගැට ගහලා කාණුවකට විසි කරලා ගියාම මාව අරන්, මේ වෙනකම්ම සීරීමක් වත් වෙන්න නොදී , ආදරෙන් හදාගත්ත මගෙ තාත්තලාට මොනවා හරි කිව්වම මම ඒ කෙනාට විරුද්ධ උනාම මම සාමාජෙන්ම ගැරහුම් ලබන්න ඕනෙද? කියන්න!
හැමෝටම මට මෙහෙම හිනා වෙන්න පුලුවන් ද?
අද තමයි මම College යන පලවෙනි දවස. පුංචි කාලෙ ඉඳන්ම මට යාලුවෙක් හිටියෙ නෑ. යාලුකමක් ඇති කර ගත්තත් මං ගැන දැන ගත්ත ගමන් ඒ ලමයා ගෙ දෙමාපියෝ මාව ආශ්‍රය කරන එක තහනම් කලා.
YOU ARE READING
Love Or Dad? (Taekook | Namjin) ✓
Fanfictionසම්මතය හා අසම්මතය අතර දෝලනය වන අසම්පූර්ණ ආදර කතාව