කාලය ගෙවිලා යනකොට College එකෙන් out උන ගමන් අපි දෙන්නා ඉක්මනින්ම අපේ දෙමව්පියන් ගෙ ආශිර්වාද මැද්දේ විවාහ උනා.
මුලින් මුලින් මුලු සමාජයම අපිට හිනා උනා තමයි...අවුරුදු ගනනාවක් යනකම් අපි දෙන්නා දිහාට හැමෝම ඇඟිල්ල දික් කලා, අත් අල්ලගෙන බස් එකක ගියත් යන හැමෝම අපි දෙන්නා දිහා බැලුවා තමයි.......
ඒ අතරේ අපි අපේ degree complete කරන්න මහන්සි උනා. මගෙ එකම හීනේ උනේ ලෝයර් කෙනෙක් වෙන්න. මම law college එකේ exam එක ලියලා law college එකට ඇතුලත් වෙනකොට කුකීට ඕනෙ උනේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒකට එයාට ලොකු හේතුවක් තිබුණා. ඒ එයාගෙ අම්මා පුංචි කාලේ අසනීපයක් නිසා එයාව දාලා ගියා වගේ, තවත් දරුවෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්
නැති වෙන එක නවත්වන්න එයාට ඕනෙ උනා. අපි දෙන්නා විවාහ වෙලා ඉන්නෙ කියලා කියන්න අපි පොඩ්ඩක් වත් බය උනේ වත් ලැජ්ජා උනේවත් නෑ. ඒ වගේම මගේ දෙමාපියෝ ගැන කියන්න මම ලැජ්ජා උනේ නැත්තේ මගෙ කුකී ට පිං සිද්ධ වෙන්න. එයා මට දීපු ධෛර්යය ට පිං සිද්ධ වෙන්න.හිතපු නැති විදියට තමා මට ලෝ කොලේජ් එකේදී ජිමින් වයි යුන්ගී වයි හම්බෙන්නේ..... ඒ කාලෙ එයාලාගෙ දෙමාපියෝ නිසා මාව කොන් කරපු ඒ දෙන්නා අද මගෙ හොඳම යාලුවෝ උනේ මට තවත් ධෛර්යයක් ජීවිතයට ආලෝකයක් දෙන ගමන්. ඒ වගේම සුභ ආරංචිය තමා යුන්ගී රෝස් එක්ක යාලු වෙලා.
දෛවය හරි අමුතුයි කියන්නෙ කුකීට medical college එකේදී රෝස්ව හම්බෙනවා. හැමදාම university ගිහිල්ලා ඉවර වෙලා අපි පස්දෙනාම අපේ තාත්තලෑ ගෙදර යනවා.
යුන්ගී, ජිමින්, රෝස් නම් කුකීයි මටයි වඩා එයාලෑ ගෙදර වගේ හැසිරෙන්නෙ. ඇවිල්ලා කාලා බීලා අපේ තාත්තලෑ පර්ස් එකටත් තට්ටු කරලා තමා තුන්දෙනා ආපහු යන්නේ.
කොහොම උනත් මේ තුන්දෙනා, මගේ තාත්තලා, මගේ කුකී තමා මගේ ජීවිතේ එකම හයිය.
අද මම මුලු රටම දන්න ලෝයර් කෙනෙක්. කුකී neurologist කෙනෙක්. එයාවත් නොදන්න කෙනෙක් නැති තරම්. නලුවෙක්ටත් වඩා මගේ ලස්සන කොල්ලා දැන් ජනප්‍රිය යි. මේ වෙනකොට කවුත්ම අපි දෙන්නට හිනා වෙන්නේ නෑ. අපි දෙන්නාගේ ආදරයට සමාජයම ආදරය කලා.
KAMU SEDANG MEMBACA
Love Or Dad? (Taekook | Namjin) ✓
Fiksi Penggemarසම්මතය හා අසම්මතය අතර දෝලනය වන අසම්පූර්ණ ආදර කතාව