ලීරා ᎮᎧᏉ =
කාලය හරි ඉක්මනින් ගෙවුනා..ම්ම්ම් දැන් අපි දෙන්නගේ ආදරේට මාස දෙකක්..මේ මාස දෙකේම මන් හිටියේ ජිමින් ඔප්පගේ ගෙදර..එදා සිද්දියෙන් පස්සේ ජිමින් ඔප්පා එක්කන් ආවේ එයාගේ ගෙදරට ..එදායින් පස්සේ තේයි ජිමින්නුයි අපි දෙන්නව ආයේ ගෙදර යැව්වේ නෑ.අර මිනිහගේ බොඩි එකට මොකක් වුනාද අපි දන් නෑ.ඒ කේස් එක කිසිම සැක සහිත දෙයක් නැතුව යට ගිය එක ගැන පුදුමයි..ඔව් ඉතින් ජිමින් තේ කියන්නේ බිස්නස් ෆීල්ඩ් එකෙන් කොරියාවම හොල්ලපු කොල්ලො දෙන්නෙක්නේ..😚😚 දැන් නම් මගේ හිතට හරි සැනසීමයි..මගේ ජීවිතේ වස්සාන කාලෙට ආවා කියලයි මට හිතෙන්නෙ...අද දවස ගොඩක් මහන්සි දවසක්..මොකද අපේ කොටි පැටියගෙයි ක්ලාරා බබාගෙයි වෙඩින් එක...ඒ දෙන්නා මැරීජ් වුනා..💗💗💗හී හී මරු රොමෑන්ටික් නයිට් එකක් ඇති කෙල්ලට 😂😂🙈🙈🙈..මට මතක් වෙද්දිත් හිනායි😂😂..මන් ගියේ කාමරේ බැල්කනි එක ලගට..ගිහින් ඔම්මට කතා කලා..මන් දැක්කා ඔම්මා තරුවක් වෙලා අහසේ ලස්සනට දිලිසෙනවා..⭐⭐
ලීරා =
ඔම්මා ඔයා දන්නවද ? ඔයා එව්ව සුර දූතයෝ දෙන්නගෙන් එක්කෙනෙක් අද මැරි කලා..ක්ලාරා මැරි කලා තේ ඔප්පව..🙈🙈මටනම් හරි සතුටුයි කුනාටුවක් වගේ තිබ්බ ජීවිතේ දැන් හරිම සතුටින් අම්මා..මට පුදුමයි..කුරිරු මිනිස්සු ඉන්න ලෝකේ මේ වගේ මිනිස්සුත් ඉන්නවා..ක්ලාරව පරිස්සමෙන් බලා ගනී තේ ඔප්පා..ඒම නේද අම්මා..මන් ඒම කියල කාමරේට ගියේ මගේ ඩයිරියේ සටහනක් තියන්න..📑📑📑
හිමින් හිමින් මන් ඩයිරිය පෙරලද්දි මගේ ඇස් ගැටුනේ මීට අවෘදු දෙකකට විතර කලින් මන් ලියපු නිසදැසකට 📃
📃📃2020 / 05 / 11
මිනිස්සු කුහක වෙලා 💔
පිරිමි අසමත් ජාතියක් වෙලා💔
එක ආදරේකින් සෑහෙන්න බැරි තරම් 💔
පිරිමි උමතු වෙලා💔
සම්මත ආදර කතා ඇතුලේ💔
අසම්මත සබදතා පුලුල් වෙලා💔
පුන්චි දියනියන් තමන්ගේ වින්දනයට ගන්න තරම්💔
පිරිමි තිරිසන් වෙලා💔
බෞද්ධ රටේ සිල්පද කඩන එක 💔
පුරුද්දක් වෙලා💔
රාගයෙන් උමතු වෙලා💔
තමන්ගේ වින්දය විතරක් අවැසිවෙලා💔
පුන්චි කෙල්ලොන්ව ප්‍රයෝජනේට ගන්න තරම්💔
පිරිමි සාහසික වෙලා💔
බෞද්ධයෝ කියන නම අද නමටම සීමා වෙලා 💔
ඉතින් මේකද පිරිමිකම? 😭💔😏
YOU ARE READING
💔remember me baby💔 [ Short ff ] 😊ᴄᴏᴍᴘʟᴇᴛᴇ😊
Fanfictionපුංචි කාලේ ඉදන් ඔම්මගේ අප්පගේ ආදරේ ලග හැදිලා තමන්ගේ ජීවිතේ වීරයා වුන අප්පගේ වෙනස් වීම හමුවේ පුන්චි දූ ලෝකේ ඉන්න පිරිමි ගැන කොහොම හිතයිද?.ඒ හිතට යලි පිරිමියෙක් ගැන ආදරේ හිතෙයිද? විශ්වාස කරයිද? හිම වැටෙන සෝල් නුවර අහම්බෙන් හමු වුනු කඩවසම් කොල්ලෙක් මේ...