_Gift_

131 30 13
                                    

"මා දෑසෙ පටලැවුණු
අහිංසක ඔබේ නෙතු
නාඳුනන හැඟීමක
හිත නතර කළ අයුරු

ප්‍රේමයම වුවත් එය
උමතුවක් වුන අයුරු
කටු පඳුර සෙනෙහසින්
සිපගත්ත හැටි මියුරු

දළු ලාන අතරතුර
හිත් දෙකේ ප්‍රේමයක්
එක් හිතක් හමුවුණා
තවත් එක් මිතුදමක්

මිතුදමේ නාමයෙන්
වෙනස්කම් වුන නමුත්
දරාගෙන මං හිටියෙ
සෙනෙහෙ පිරි හදවතින්

කටු අනින රළු වදන්
ඉවසන්න බැරිම තැන
තිතක් තැබුවා ඇයත්
නමක් නැති බැඳීමට

මේ ලොවේ කවදහරි
හමුවුනොත් නැවත අප
මතක පමණක් ශේෂ
හිත් දෙකක් වනු නිසැක

පරෙස්සම් වෙන්න ඔබ
එයයි අවසන් පැතුම
ඔබ නමින් දැන් කිසිම
හැඟීමක් ඉතිරි නැත

තිබුණු  හැම රිදීමක්
කඳුළු මත දියවුණා
තරු හතක උදව්වෙන්
ඇය නැවත ඉපදුණා

එදා වුණු හැමදේම
මතක විතරක් වුණා
තමන්ටම පෙම් බැඳන්
ඇයත් ජීවත් වුණා

ඔබ නමින් ඉතිරි නෑ
තවත් නම් ප්‍රේමයක්
දැන් ඉතින් මට ඇත්තෙ
මං නමින් ප්‍රේමයක්...🌹"

පදබැඳුම- _Nimshii_

ඔයාට ගොඩක් ස්තූතියි 'එයාගෙ කතාව' ලස්සන කවි පෙළක් කලාට...

| About Her |Where stories live. Discover now