((((කතාවේ නම Gay groom ද gay room ද යන්න තීරණය කිරීම පාඨක ඔබ සතුයි .)))
ජීවිතේ පළවෙනි වතාවට ලැබුණු ඉස්තරම්ම අවස්ථාවක් පසෙකට දාලා මම ආපස්ස්ට ගෙදර යන්න ගාල්ල කොළඹ බස් එකකට නැග්ගේ හිතේ අමාරුවෙන්.මගේ ජීවිතේ මන් ආසම කරන දෙයක් තීනවා. ඒ තමයි නිරූපණ ක්ෂේත්රය. මගේ නම තිසංක . මම ගාල්ලේ ඉදලා කොළඹට ආවේ නිරූපණ ක්ෂේත්රයට පිවිසීමට ලැබුණු ආරාධනයක් නිසා. මගේ මිතුරෙකුගේ හිතවත් කෙනෙකුගෙ කටයුත්තක් සඳහා මාව තෝරාගෙන තිබුණේ මෝස්තර නිරූපණ ශිල්පියෙක් වශයෙන්. නමුත් ඔහු හමුවී කතා බස් කළ සැනින් මගේ සියළුම සිහින අලු වී ගියෙ නොසිතූ පරිද්දෙන්. එම පුද්ගලයා මගෙන් ඉල්ලීමක් කළා. ඒ වෙන මුකුත් නෙවේ ඔහු මාව එම කටයුත්ත සදහා තෝරාගැනීමට ප්‍රති උපකාරයක් වශයෙන් ලිංගික අල්ලසක් . මම එකහෙළාම ඒ සඳහා විරුද්ධ වීම නිසා එතනින් පිටවෙන්න වුණෙ ලබුණු අවස්ථාවත් නැති කරගෙන.
මේ ගෙන්දගම් පොළවේ සමහර දේවල් කරගන්න වෙන්නේ අල්ලස් වශයෙන් මුදල් හෝ ලිංගික අල්ලස් පදනම් කරගෙන. ඒත් මට මේ වගේ දේවල් අසාමාන්‍ය දේවල් වුණේ නෑ. මොකද සමලිංගික වේවා සමලිංගික නොවේවා ගොඩ දෙනෙක් ලිංගික ආශාවන් ඉටුකරගන්න කෙල්ලෙක් හෝ කොල්ලෙක්ද යන වග තකන්නේ නෑ.
පිටකොටුව බස් නැවතුමපලේ තවමත් නවතා ඇති බස් රථයේ අසුනකට බරවී ජනේලයට හිස තබාගෙන ඈත සිටින මිනිසුන් වෙත මාගේ නිදිබර නෙත් යොමු කළෙමි. එවිටම වාගේ බසයට නැගි එක් වයසක මිනිසෙක් රටකජු සහ කඩල පෙට්ටියක් ඔසවාගෙන බසය තුල මිනිසුන්ට විකිණීමට උත්සාහා දැරුවේය. කෑමට තරම් බඩගින්නක් හෝ උවමනාවක් නැතත් රුපියල් පනහක රටකජු පැකට්ටුවක් මිලදී ගත්තේ එම මිනිසා කෙරෙහි දැණුනු අනුකම්පාව නිසාවෙනි.
එයින් ගත් රටකජු ඇටය බැගින් ගෙන හපන්නට පටන් ගත්තේ ගතවන කාලයට සිදුවීම් පෙළක් මගේ මනස තුළ සිත්තම් කිරීමට ඉඩ සලසා දෙමින්. ප්‍රථමයෙන් ම මාගෙ මනස වෙත පැමිණියේ සමරසිංහ මහතාගේ ඔෆිස් එක තුළ සිදුවූ සිදුවීමයි. යම් වෙළඳ දැන්වීමක් සඳහා නිරූපණ ශිල්පියෙකු වශයෙන් මා තෝරාගෙන තිබුණු බැවින් ඔහු හමුවීමට පැමිණෙන ලෙස ලද ඇමතුමක් නිසාවෙන් මා ගිය ගමනකි ඒ.ඔහු යම්තාක් දුරකට සුඛෝපභෝගී ජීවිතයක් ගතකරනවායැයි සිතියහැකි පෙනුමකින් යුතු අවුරුදු පනහ ඉක්මවූ වයසක මිනිසෙකි.ඔහුගේ කාමරයට ඇතුළු වූ මොහොතේ මගේ සාමාන්‍ය තොරතුරු විමසූ අතර අවසානයේ එය පෙරළුණේ අමුතුම ආකාරයේ සංවාදයකටය.
YOU ARE READING
Gay room | Gay Groom
Short Storyමේකත් සුපුරුදු පරිදි මම අරගෙන ආපු gay love story එකක්. පළවෙනි short story එක. ඉතින් කියවලා බලන්න 😍❤ අදහස් කමෙන්ට්ස් විදියට දාගෙන යන්න..😁