" ශාකී කොච්චර ලස්සනට මින්හෝ ඉස්සරහා හිනා වෙලා සැහැල්ලුවෙන් හිටියත්... සතුටින් හිටියත්... එයා හිටියේ හිත යටින් හොදටම බය වෙලා... ඒ එයාගේ වැලලුණු අතීතේ එයාලා ඉස්සරහට ආයෙමත් එයි කියලා බයේ... ඒ දේවල් මින්හෝ දැන ගනී කියලා ශාකී බය වුනා... ඒත් ඒ බය තව වැඩි වුනේ මින්හෝ ශාකිගෙන් අහපු ප්රශ්නේ නිසා...
" සඳරු කියන්නේ කව්ද ශාකී... " මින්හෝ ශාකිගෙන් එහෙම අහද්දී ශාකිගේ ඇස් ඉබේටම ලොකු වුනා... එයා බය වුන දේම වෙන්න යනවා වගේ...
" ස්... ස... ස... සඳරු... සඳරු කියන්නේ කව්ද ඔප්පා මං දන්නේ නෑ... ඔප්පා අදුරන කෙනෙක්ද... " ශාකී මුලදි ගොත ගැහුවත් කටට ආපු බොරුව එහෙම්ම කියලා දැම්මා... මේ වෙනස මින්හෝට තේරුනත් එයා ඒක නොතේරුනා වගේ...
" කලබල වෙන්න එපා ශාකී ඔයා එයාව දන්නේ නැත්තන් කමක්නෑ... ඒ නම ඔයා නින්දෙන් කියවපු නිසා මං හිතුවා ඔයා දන්න කෙනෙක් කියලා ඒකයි මං ඇහුවේ... " ඒම කිව්වනම් ශාකී තව ටිකක් කලබල වුනා...
" මං... මං... මං වෙන මොනාද කිව්වේ... " ශාකී බය වුන පාර එයාට ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තා... ඒත් මින්හෝට තේරුනා ශාකී මොනා හරි හංගනවා කියලා... ඒ වුනත් තවමත් කලබලෙන් ඉන්න ශාකී දිහා බලලා
" ඔයා වෙන මොනවත් කිව්වේ නෑ මැනික... මෙහේ එන්න මං ලගට... " එහෙම කියලා එයා ශාකිව ඇදලා අරන් එයාගේ උකුලෙන් ඉන්දවගත්තා... " දැන් ගොඩක් රෑ වෙලානේ මැනික... ඔයා හෙට උදේට මාත් එක්ක MYM එකට යන්නත් ඕනී නේද... ජොබ් එකට යන පලවෙනි දවසෙම පරක්කු වෙලා යන්න බෑනේ... ඒ නිසා දැන් ගිහින් නිදාගන්න... " සේරම දේවල් කියලා ඉවර වුනාට පස්සේ ශාකී යන්න නැගිටිද්දිම ආයේ මතක් වුනා වගේ මින්හෝ දිහා බැලුවම ඒ බැල්ම අදුරගත්ත වගේ මින්හෝ
" ඔයාට ඕන කරන ඇදුම් මං ගෙන්න ගත්තා... ඔයාගේ රූම් එකේ ඇති... ඔයා ආපු වෙලාවේ ඉදලා හිටියේ මගේ රූම් එකේනේ... යං මං ඔයාට ඔයාගේ කාමරේ පෙන්නනම්... " ඒම කියලා මින්හෝ ශාකී එක්කම පඩිපෙල නැගලා උඩට ගියා... උඩ තට්ටුවේ මින්හෝගේ කාමරේට ටිකක් එහාට වෙන්න තිබුන කාමරේ තමයි ශාකිට ලෑස්ති කරලා තිබුනේ... මින්හෝ ශාකිගෙ අතින් අල්ලගෙනම කාමරේ ඇතුලට ආවා... කාමරේ ඇතුලට ආවට පස්සේ ශාකිගේ ඇස් දෙකනම් එක මොහොතකටවත් පිය වුනේ නෑ ඒ වගේම කටත් ඇරන් වටේම බලන්න ගත්තා... මේක දැකපු මින්හෝටනම් හොදටම හිනා ඒත් එයා හිනාව කාගෙන හිටියා...
YOU ARE READING
m꙰꙰꙰꙰꙰꙰꙰y꙰꙰꙰꙰꙰꙰ l꙰꙰꙰꙰O꙰꙰꙰v꙰꙰E꙰ 🥀 (Completed)
Randomමට උරුම දුක විතරමද ආදරය කියන දේ මට කාගෙන්වත් ලැබෙන්නේ නැත්ද...