කිරුළේ හිමිකරු ජියෝන් කුමරුයි.
නමුත් ඔහුට ඔහුගේ ශක්තීන් තවමත් ලැබී නෑ.
එසේනම් රාජාභිෂේකය කල දමන්න.
රාජාසනය හිස්ව තැබිය නොහැකියි.
එසේනම් ජියෝන් කුමරු රාජාසනයේ අසුන් ගනීවි.
මෙලෙස නම්ජූන් හා රාජකීය උපදේශක ගිම්යෝ අතර විවාදයක් ආරම්භ වුණේ සූක් රජුගේ හා චෝයි රැජිනියගේ අභාවයෙන් අනතුරුව ජියෝන් කුමරුට කිරුළ පළඳවා සිටියදීයි.
එය නීතියට පටහැනියි.
එසේනම් මෙයට සුදුස්සෙක් නෑ.
නැහැ නම්ජූන්. ජියෝන් කුමරු පමණක් නොවෙයි මෙයට තව අයිතිවාසිකම් තිබෙන තැනැත්තියක් සිටිනවා.
ඒ කවුරුන් ද ?
හෙලේනා කුමරිය. ඇයටත් කිරුළට අයිතියක් තිබෙන බව ඔබට අමතක වූවා ද නම්ජූන් ?
නම්ජූන් පසෙක සිටි හෙලේනා කුමරිය දෙස බැල්මක් හෙලා නිහඬ වුණා.
මට කමා කරන්න ජියෝන් කුමරුනි !
ගිම්යෝ විසින් ජියෝන් කුමරුගේ හිස පැළඳි කිරුළ ගලවා හෙලේනා කුමරිය දෙසට හැරුණා.
කුමක්ද සිදු කරන්නේ ගිම්යෝ ?රාජ්‍යයේ නීති ආරක්ෂා කිරීම මාගේ යුතුකමයි නම්ජූන්.
ගිම්යෝ විසින් හෙලේනා කුමරියට කිරුළ පළඳා සිටියා.
කිරුළ පැළඳි හෙලේනා සිංහාසනයේ විරාජමාන වුණා.මෙතැන් සිට මේ රාජ්‍යය මාගේයි. මෙතැන් සිට ක්‍රියාත්මක විය යුත්තේ මාගේ නීතියයි.
එම නිසා මොවුන් දෙදෙනා සිරගත කරන්න.
YOU ARE READING
Wolf Kingdom [ On Hold ]
Historical FictionA legend about Werewolves 🐺 and Vampires