⚪Chapter -1⚪

1.1K 202 43
                                    

කිම් ටේ හ්යොන්ග් .. රසිකයො හැදින්වුවෙ ' වී'( V) කියන නමින්...වෘත්තියෙන් රංගනශිල්පියෙක්. නවකයෙක් උනත් මගෙ පෙනුම නිසා ක්ෂේත්‍රයේ ලොකු තැනක් ගන්න මට පුළුවන් උනා.
හැම කතාවකම වගේ ආදරණීය ප්‍රේමවන්තයාගෙ චරිතෙ විදියට රඟපාන මගෙ සැබෑ තත්වය නම් ඊට හාත්පසින්ම වෙනස්.

°°°°°°°°°°°°°°°°°°°°°°°°

අදත් රූගත කිරීම් අවසන් වෙද්දි වෙලාව රාත්‍රි නවයට කිට්ටුයි. ඒ වුනත් මන් ගෙදර ගියේ රාත්‍රි දොළහට කිට්ටු වෙලාවක් වෙනකන් මගෙ අළුත් ෆිල්ම් එකේ සහය නළුවෙක් වුන යුන්ගි හ්යුන් එක්ක ක්ලබ් එකට ගිහින් විනෝද වෙලා.ගොඩක් ඇත්තම කතාව මම ගෙදර යන්න අකමැති එකට හේතුවක් ඕනෙ නිසයි හ්යුන් එක්ක ක්ලබ් යන්න කැමති වුනේ එහෙම නැත්නම් අද දවස හරිම වෙහෙසකාරියි . ඇරත් යුන්ගි හ්යුන් වගේ දක්ශ, හැන්ඩ්සම් සීනියර් කෙනෙක්ව අඳුනගන්න එක්පීරියන්ස් එකත් වටිනවනෙ...

මාව අවසානෙ ගෙදරට ඇරලවන්නත් හ්යුන් කැමති වුනා.

"හෙට උදේටත් මන් මෙතන පහු කරන් යන්නෙ,මට පුළුවන් එක්කන් යන්න ඔයා කැමතිනම් " හ්යුන් මගෙ කම්මුලක් අතින් අල්ලගෙන මහපට ඇඟිල්ලෙන් පිරිමදින විදිය,එයා බලන් ඉන්න විදිය, මේ හැමදේම කියපු කතාව මට තේරුම් ගන්න පුළුවන්.

" ස්තූතිය ඔයාට ,එහෙනම් මන් හෙටත් ලෑස්ති වෙලා ඉන්නම්... " හ්යුන්ගෙ කම්මුලෙන් හාදුවක් තිබ්බ මම ඉක්මනින් මෝටර් රථයෙන් බැහැ ගත්තා. " ගුඩ්නයිට්..සී යූ " මෝටර් රථයෙ කවුළුවෙන් එබිලා බලලා මන් එහෙම කියද්දි හ්යුන් තවමත් මගෙ ක්ෂනික හාදුවෙන් පුදුම වෙලා .

" වාහ් බේබ්..දැට් වොස් සෝ ෆාස්ට්" එයා කියනවා මට ඇහුනත් මන් ඇහුන්නෑ වගේ ගියෙ ලැජ්ජ හිතුන නිසයි.
" ආව්ව් මන් ඇයි එහෙම කළේ"

තනියම හිනාවෙවීම ගේ දොරකඩටම ඇවිත් කියලා මගෙ හිනාව අතුරුදන් වෙලා ගියා.

'එයාව දකින්න ලැබෙන්නැත්තන් ඒ ඇති..ජරා ගොඩ'

එහෙම හිතන අතර දොර විවර කළ මම පොළොවට දැනෙන්නෙ වත් නැති තරම් හිමින් අඩි තියමින් ගේ තුළට පියවර තියන්න ගත්තා.,මට ඕනෙ වුනේ නෑ මොනම විදියකින්වත් එයාව දකින්න ...
ඒත්...

තරප්පු පෙළට අඩිය තියන්න ලෑස්ති වෙනකොටම විදුළි බුබුළ දැල්වීම මාව තිගැස්සුවා. ඔව් ඒ එයා, මගෙ හස්බන්ඩ්.

තාම නිදාගෙන නෑ මගෙ ඔත්තු,බලනවා ඇති.' තමුන් මගෙ ඔත්තු බලනවද ?' මට අහන්න හිතුනා ඒත් ඒ කටහඬ අහන්න මන් අකමැතියි.

"කෑවද.. ...මන් ඔයාට--"

" මන් කෑවා " ඔහු තවත් යමක් කියන්න කලින් මන් කියාගත්තා

"ඒ වුනත් මන් ඔයා ආස නිසා ගිම්බාප් හැදුවා .ටිකක් හරි කන්න "

" මන් තමුන්ට කියලා තියෙනවා නේද මහන්සි වෙලා එන දවසට ඔය මළානික මූණ මට පෙන්නන්න එපා කියලා ... "

"මගෙ මැ-ණික.."එයාගෙ ඇස්වලින් කඳුළු වැටුනා.
ඔවු එයා අඬන්න ඕනෙ තමයි මගෙ ජීවිතේ මෙහෙම කාලකන්නි කරාට
එයාට ඒක ලැබෙන්න ඕනෙ

තරහත් එක්කම වේගෙන් තරප්පු පෙළ නැගගෙන මන් මගෙ කාමරේට යා ගත්තා .

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ජියොන් ජන්ග්කුක් ,මගෙ හස්බන්ඩ්
කාලෙකට කලින් ජියොන් කන්ස්ට්‍රක්ශන්ස් එකේ CEO, ඒත් දැන්,
එයාගෙ මෝඩකම නිසා කම්පැණි එක බන්කොලොත් උනා .. කම්පැනි එකක CEO දැන් ගෙදරට වෙලා කකා බබී ඉන්න නිකමෙක්.එයාට කන්න බොන්න දෙන්න වෙලා තියෙන්නෙත් මටයි.

ජන්කුක්ගෙ පෙනුම උනත් දැන් ඉස්සර වගේ නෙවෙයි දැක්කත් එපා වෙනවා ..ඇත්තෙ ඇස් ගිලා බැහැපු සුදුමැලි වුන මූණ මාස ගානකින් පීරපු නැති කොණ්ඩෙ,හරියට ඇඳුමක් වත් අඳින්නෙ නෑ අඩු තරමෙ.ඇත්තටම එයාව කාටහරි පෙන්නන්නත් ලැජ්ජයි මට .හරිම මූසල පාටයි ..ගෙදරම හිටියත් හරියට ගෙදර වැඩක් වත් කරන්නෙ නෑ...මන් මහන්සියෙන් හරි හම්බු කරනවා මදිවට ගෙවල් දොරවල් අස් කරන වැඩත් කරන්න වෙලා..අර්ග්

ඔව් මන් ආදරේ කරා ජන්කුක්ට,ඒත් දැන් නම් මට ඕනෙ ඉක්මනට මේ කරුමෙන් ගැලවෙන්නයි ..තවමත් එයා මාත් එක්ක මගෙ සල්ලි වලින් ජීවත් වෙන්නෙ මගෙ තියෙන මනුස්සකම නිසා විතරමයි..

අයි හේට් හිම්!

_______________________________

අළුත් එකක් ..
..මේක ශෝට් ස්ටෝරි එකක් නිසා ශෝට් චැප්ටර්ස්
හික්ස්
🙂❤❤

Love you readers❤

""""FoxY🌷🌷"""""

彡 𝚂 𝚊 𝚛 𝚊 𝚗 𝚐 𝚑 𝚊 𝚎 | 𝚜𝚑𝚘𝚛𝚝 𝚜𝚝𝚘𝚛𝚢 [ᴇᴅɪᴛᴇᴅ]♡Where stories live. Discover now