Episode 14 (කන්ට්‍රැක්‌ටුව)

182 40 40
                                    

Sayeon pov

අපි pd නිම්ගේ ඔෆිස් එකට යනකොට pd නිම් මොකක්ද මන්දා ෆයිල් එකක් බල බල හිටියේ. අපි ආවා කියලා තේරුණ ගමන් එයා ෆයිල් එක පැත්තකින් තියලා ඔෆිස් එකේ පැත්තකට වෙන්න තිබ්බ සෝෆා එකේ ගිහින් වාඩි උනා.

🅿️"ආ අපේ අළුත් ළමයි ටික😃. ඉතිං ඇවිත් ඉදගන්න😄"

Pd නිම් අපිට සෝෆා එක පෙන්නන ගමන් කිව්වම අපි පස්දෙනාම එයාට ආචාර කරලා ගිහින් එතනින් වාඩි උනා.

🅿️"ඉතිං..... මන් හිතන්නේ නෑ මට‍ එහෙම විශේෂ දෙයක්‌ කියන්න තියෙනවා කියලා☺️. ඔයාලා පිළිපදින්න ඕනේ සේරම දේවල් කන්ට්‍රැක්ට් එකේ තියෙනවා.

ඔයාලගේ positions ගැන කියනවනම් සේජා main rapper, ඇන්ඩ්‍රියා තමයි centre & visual එක වෙන්නෙ. දේදුනු ඔයා main vocalist, ශෙරිනුත් rapper කෙනෙක්. සේයෝන් තමයි තියෙන ප්‍රශ්නේ☹️"

❤"ඇයි මට‍ මොකද😕...."

🅿️"මේකයි group එකේ ඉන්නවනම් අනිවාරෙන් vocal හරි rapping හරි ඕනේ වෙනවා. ඔයාට ඒ දෙකෙන් එකක්වත් හරියකට කරගන්න බෑ.🤔"

❤"එතකොට මාව තෝරාගත්තේ???"

🅿️"ඔයාගේ ඩාන්සින් හින්ද. ඔයාලව ට්‍රේන් කරපු එක්කෙනා මට‍ කිව්වා ඔයා මුලදී දක්ෂ මදි උනාට ටික කාලයක් යද්දී ඔයාගේ steps හරිම smooth කියලා. ඒ වගේම ඔයා හැම ස්ටෙප් එකක්ම ඉක්මනට අල්ලගන්නවා වගේම මතක තියාගන්නවා කියලා. ඇත්තටම ඒක ලොකු ටැලන්ට් එකක්. ඔයා වගේ කෙනෙක්ව නැති කරගන්නවා කියන්නේ මෝඩකමක්."

❤"එතකොට දැන් මොකක්ද කරන්නේ???"

🅿️"බය වෙන්නෙපා. අපි මොකක්හරි කරමු. ඔයාට තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්න. කාලයත් එක්ක ඔයාට හොද singing ද rapping ද කියලා අපි හොයාගමු. කොහොමහරි ඔයා තමයි group එකේ main dancer. තේරුනාද?😊"

❤"හ්ම්ම්."

🅿️"ආ මෙන්න කන්ට්‍රැකට්ස් ටික. මේ ටික හොදට කියවගන්න. ඕක ඔයාලගේ training period එකට හදපු contract එක. ට්‍රේනින් ඉවර උනාම contract එක renew කරනවා. ඒ වගේම තමයි ඔයාලට ඩේටින් කියන දේ සම්පුර්ණයෙන්ම තහනම්. තේරුනාද?"

ඒක කියද්දී මට‍ කෙලින්ම බැලුනේ දේදුනුයි සේජයි දිහා. අම්මෝ ඩබලම සොක් වෙලාද කොහෙද. සේජා මින්හෝ ඔප්පා ගැන දැකපු හීන සේරම ඉවරයි. එතකොට දේදුනු😂, එයා ජිමින් ඔප්පා එක්ක යාලු වෙලා වැඩි කාලෙකුත් නෑ. සේජා ගැන අමතක කරමුකෝ. ඒත් දේදුනු.... මට‍ නං ආතල් ඉතිං මොන උනත්😜😁.

Pink Hearts (Completed)Where stories live. Discover now