" ඉක්මනට ඔය ෆයිල් ටික ගේනවා යුමී තමුසෙට පඩි ගෙවන්නේ නැලවෙන්න නෙවෙයිනේ "
ආයතනයේ ප්රධානියා කෑ මොර දෙන්න ගත්තේ බොහොම අමාරුවෙන් ෆයිල් ගොඩකුත් උස්සගෙන එන ගැහැණු ළමයට
" මේ එනවා සර් "
" අහ් ඔය ටික ඔතනින් තියලා යන්න "
Yumi's pov
මම තමයි යුමී පාක් යුමී මම වැඩ කරන්නේ JJk කොම්පැනි එකේ මේක තමයි දැනට කොරියාවේ පළමු ස්ථානයේ තියන ආයතනය. ඔය ඉස්සෙලා කෑ ගැහුවේ මගේ බොස් 🙂එයා මේ ලගදි ඉදන් තමයි වෙනස් වෙන්න අරන් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මමනම් සල්ලිකාර පවුලක ළමයෙක් නෙවෙයි හැබැයි සල්ලිකාර කෙනෙක් අරගෙන තමයි මාව හදාගෙන තියෙන්නේ ඒත් දැන් අප්පා ලෙඩ වෙලා ඉන්නේ. ඔම්මාත් නැති උනා 🥺එයාලගේ එකම පුතා පාක් ජිමින් මගේ සහෝදරයා. එයා තමයි අප්පාගේ බෙහෙත් කරන වැඩ හැමදේම බලන්නේ. ඔප්පට කියලා මම මේ රස්සාවට එන්නේ එයාලට බරක් නොවී ඉන්න.
" යුමී මෙහෙ එනවා මේක ආයේ පාරක් චෙක් කරලා දෙනවා "
" හරි සර් මේ එනවා"
" ඔය ටික ඉක්මනට චෙක් කරලා අරන් එනවා "යුමී ගෙනාව වගේම ෆයිල් ගොඩක් පෙන්නලා කෑ ගැහුවේ jjk කොම්පැනි එකේ ප්රධානියා උන jeon jungkook.
Other pov
Jeon jungkook කියන්නේ පොඩි කලේ ඉදන්ම අම්මා අප්පා නැතුව තමාගේ හරබෝජි (සීයා) එක්කම හැදුනු කෙනෙක්. හරබෝජිගේ මාර්ගෙන් පොඩි වයසේ ඉදලම බිස්නස් ගැන ඉගනගත්තු ජන්ග්කුක් අවුරුදු 18 වගේ වයසකදිම jjk කොම්පැනි එක බාරගන්නේ තමාගේ හර්බෝජි හදිස්සියේම එයාව මේ ලෝකේ තනිකරලා යනවත් එක්කමයි. මේ හේතු නිසාම ජන්ග්කුක් කියන්නේ කේන්තිකාර වගේම හරිම දඩබ්බර චරිතයක් උනා.
පැය ගානක්ම එක දිගට වැඩ කරපු යුමී ජන්ග්කුක්ගෙ කැබින් ඒකට ගියේ ෆයිල් ගොඩකුත් අතේ තියාගෙන
" සර්, මේ ඔක්කොම චෙක් කරලා තියෙන්නේ "
"ආ ඔය ටික ඔතනින් තියලා යනවා. කෝ මේ ඔෆිස් එකේ අනිත් උන් "
" සර් දැන් ලන්ච් ටයිම් නිසා..... "
" එහෙනම් තමුසෙට වෙන වැඩකුත් නෑනේ ගිහින් මට කොපි එකක් හදන් එනවා "
YOU ARE READING
😈COLD CEO😈JJK [Onhold ]
Fanfictionඅම්මා අප්පා නැතුව හැදුනු දඩබ්බර කොල්ලෙක්.😈 තමා ආදරේ කරන කෙනා නිසා හැම දුකක්ම ඉවසගෙන ඉන්න අහිංසකම අහිංසක කෙල්ලෙක්. 😇 මේ දෙන්නගේ කතාව මොනවගේ වේවිද 🙂 (කියවලම බලපල්ලා 😂)