Jungkook pov-
ඉස්සරහා තිබුනු සුඛෝපභෝගී හොටෙල් එක දිහා මම බලාගෙන හිටියෙ තරහකින්. ඔයය් එයාව මට නැති කලේ. සල්ලිකාරයන්ටම වෙන් උනු මේ ගොඩනැගිල්ල නිසය් හැමදේම.
"ගුඩ් මෝනින් සර්. හව් කැන් අය් හෙල්ප් යු?"
"මට ඔයාලගෙ මැනේජර්ව හම්බවෙන්න ඕනි."
"විනාඩියක් දෙන්න සර්....."
.
.
.
.
."එක්ස්ක්‍යුස්මී මිස්ටර්"
අත් පිටිපස්සට බැදගත්ත මගේ ඉස්සරහා ඉන්නකෙනා මැනේජර් වෙන්න ඕනි. එයාත් ගාම්භීර වෙන්න උත්සාහ කරනවා. ඔලුව කෙලින් කරගෙන, ඇස් උඩින් බලන ගමන්. වැඩක් තියනවද? මේ ලස්සන ඇතුලෙ මගේ මැණික ඇරෙන්න තව කීයකගෙ ජීවිත විනාස වෙන්න ඇද්ද?
"ඔබතුමාට මගෙන් වෙන්න දෙයක් තියනවද?"
ඒ කෙනා ඔලුව ටිකක් පහලට කරලා ආපහුත් කතා කලා. මම වැඩේ කරන්න ඕනි. මේ තරම් වෙලා අතේ ගුලි වෙලා තිබුනු ඇමති තුමාගෙ ලියමන මම එයාට දික් කලා. ඒත් ඒක ගන්නවා වෙනුවට ඒ කෙනා ඇස් රෝල් කරන ගමන් මගෙ දිහා බලාගෙන ඉන්නවා.
"පාර්ක් ඇමතිතුමාගෙ වැඩකට මම ආවෙ."
අන්න එතකොට මිනිහා වය්න් වෙච්ච බෝනික්කා වගෙ පැන්න ගමන් මගේ අතේ තිබුනු ලියුම උදුරගත්තා. සල්ලි බලේ ... හහ්හ්හ්!
"මෙහෙන් එන්න සර්. "
මම මිනිහගෙ පස්සෙන් ඇවිදගෙන ගියා. ඇමතිතුමා අද මාව එව්වෙ සීසීටීවී ෆුටෙජස් චෙක් කරන්න. මගෙ මැණික්ට කරදර කරපු එකා හොයාගන්න මම ආවෙ. දන්නෑ මම මොනා දකීද කියන්න. එත්,
මම ඇතුලට යද්දිම දොර වහපු මැනේජර් මගේ දිහා ඇහිබැමකුත් උස්සගෙන බලන් ඉන්නවා.
"ගිය මාසෙ විසිතුන්වෙනිදා උදේ දහයාමාරෙ ඉදලා තුන වෙනකම් ෆෝත් ෆ්ලෝ එකේ ඔක්කොම ෆුටෙජස් ටික මට බලන්න ඕනි. "
ආයෙත් අර මිනිහා මගෙ දිහාට ඇස් රෝල් කලා.
"සමාවෙන්න සර්, එදා ඒ වෙලාවෙ රෝයල් පාටි එකක් තිබුනෙ. අපිට මේ දේ ගැන-"
"උබට මේ ගැන ඇමතිතුමා එක්කම බේර ගන්න ආසාවක් තියනවද?"
Athour pov-
YOU ARE READING
️Bodyguard Boyfriend || JJK (COMPLETED)
Fanfiction"අමතක කරන්න පුලුවන්ද ඔයාට...??" "ඒකට කමක් නෑ මිස්.... මේක මගේ ජොබ් එකනෙ... " . . . "ඔයාට තිබුනා මට කියන්න. මාව දිගටම ආරක්ශා කරන්න..." "දැන් මිස්ට මගෙ ආරක්ශාව ඕනි නෑ. එයා මිස්ව මටත් වඩා හොදට බලාගනි. හැබැයි මම තාමත් මිස්ගෙ බොඩ්ගාඩ්ම තමය්" "නැහැ!... මග...