සඳ වලාකුලට පෙම්බඳින රෑයක කාවේරිපටුනේ සියලු සැප සම්පත් ඇති සුවිසාල මන්දිරයක රාගී නොවූ ප්‍රේමිත්වයෙන් නැහැවුනු සිතුවිලි වල නිමග්නව බොදවූ සිහිනවල තනි වූ ගැහැනියකි, නුඹ කන්නගී.....
කන්නගිය...
ඇය පතිවෘතාවෙ සංඛේතයයි. පූජනීයවූ ප්‍රේමයේ මානික්‍යයි.ලොවම නිදන රැයක සිතුවිලි වල නිමග්නව දෙනුවණ අභිමුවෙහි වේදනාකාරී චිත්තප්පීඩිත සත්‍යතාව දැක දැකම තම අහිමි වූ ප්‍රේමයට පෙම් බැන්දියකි ඈ....
වර්ථමාන ලෝකයේ ද අතලොස්සකට දෛවය විසින් කුරිරු ලෙස තීරණය කර පරිදි අතිනතට යන ගැහැණියන් අතර තම චිත්තසංතාපය නිවාලන වෙසින් එන පිරිමින් අතිනතට නොයා තම සිත තුලම ඒ මතකයන් හා වෙලෙමින් කුඩුම්බය රැකගන්නට අප්‍රමාන වෙහෙසෙන ,ලොවට පෙනෙන්නට සිනාසෙන්නියන් වෙනුවෙන් පෙනී සිටින්නට, ඒ වෙනුවෙන් සමාජයෙන් හිමිවිය යුතු ගෞරවය,භක්තිය, පූජනීයත්වය ලබා දෙන්නට මැවූ ප්‍රතිමූර්තිය කන්නගිය නොවේද?
කන්නගිය තුල වූ අපරිමිත ස්නේහය පසෙකලා,කන්නගිය ගෙල බැදි තැල්ල කන්නගිය නලලත ගෑ රත්පැහැ සින්දූර්, කන්නගිය හා එක්ව අග්නි අභිමුවෙහි දුන් පොරොන්දු කෝවලන් මනසේ රැදුනාන් කන්නගිය හැරෙන්නට තමා සමීපයට එන අනෙකුත් සියලුම ගැහැනුන් හුදෙක් තවත් දිරායන වැහැරෙන බව හැගවෙන මස් කඳක් පමනක් සේ පෙනෙන්නට තිබුනි. කන්නගිය ගේ ප්‍රේමය කෝවලන් සිත ගැඹුරටම මුල්බැස තිබුනානන් සරාගී මාධවියද හුදෙක් එක් අශෝබනියක් පමනක් බව වැටහෙන්නට තිබුනා.....
මෙය හුදෙක් කන්නගිය ඇසුරින් දෛවය විසින් අකාරුනික වූත් වර්තමාන කන්නගියන්ගේ හඳ ගැබුරේ වැලළී තිබෙන වැලපීම නිරූපණය කරන්නට ගත් එක් සුලු උත්සාහයක්....
කන්නගිය මා පතිනියයි ඔබෙ
මෙලෙස අමතමි කෝවලන්...
දුන්නු ආදරේ මදි වුණාදෝ...
හැරගියේ වෙනකෙකු නමින්....දෑත ගෙන පෙර දිනක අතිනත
ගත්තෙ මා පතිනිය කරන්
පතිනිවත රැකගන්න බැරිදෝ...
දුන්නු පැතුමන් සිතදරා...මාධවී ඈ රඟන ලෙසටම
රාග තාලය මැව් නිසාදෝ
පෙමක් අතහැර රාග ගින්නක
දැවෙන්නට සිත පෙළඹුවාදෝ...දෝරෙ ගහලා සෙනෙහෙ ගගුලක
රැදෙන්නට හිමි වරම් නැතිදෝ..
මාධවීගේ කෝළ බැලුමන්
මදුවිතට නුඹ මත් උනාදෝ...මොහොතකින් මා හැරගියේ නුඹ
රාගපෙම ඉමිහිරි නිසාදෝ...
නමුත් තවමත් නුඹට පෙම්බැදි
කන්නගිය මා මතුවටත්.....Sasha Kalpanie
YOU ARE READING
කන්නගී
General Fictionමගෙ හිතට නැගුන සිතුවිලි කීපයක් මේ විදිහට සටහක් තබන්න හිතුනා....✨️💜️ ඇගයීම්:- 🐾️හොදම කවි නිසඳැස් රචකයා -2021 Award ceremony [Chat with radio] 🐾️දක්ශතම ඓතිහාසික කතා රචකයා - 2021[ceylone bloomers Award ceremony]