His Lovely Bunny🐰 - 01

2.5K 364 48
                                    

🐰🐰♥🐰🐰

👦 Taehyung point of view

වෙලාව රෑ 10.30 යි....

Namjoon ගෙ restaurant එකේ වැඩ ඉවර වෙලා මම හිමින් හිමින් ඇවිදගෙන ආවෙ beach එක පැත්තට...

ඇත්තමයි දැන් ඒක මට පුරුද්දට ගිහින්... මොකද, මාසයක් විතර තිස්සෙ ඉදන් මම එක දිගටම මේ දේ කරනවා... restaurant එකේ වැඩ ඉවර වෙලා beach එකට ඇවිත් පැය බාගයක් විතර මෙතන නිදහසේ ඉදලා ගෙදර යන්න දැන් මම පුරුදු වෙලා... මෙතනට එන්නෙ නැතුව ගෙදර යනව කියන එක දැන් මට වධකාගාරෙකට රිංගනව වගේ වැඩක්!..

මේ වෙලාවට beach එකේ කවුරුත් නැති තරම්.. හරිම නිදහස්.. හරිම නිස්කලංක යි....
මම ගොඩක් කැමතී ඒ නිදහසට... වෙන කිසිම සද්දක් බද්දක් නැතුව මුහුදු රළ ඇවිත් වෙරලෙ හැපිල යන සද්දෙට විතරක් ඇහුම්කන් දෙන්න මම ගොඩක් ආසයි... ඒකෙන් මගේ ආත්මයම සැහැල්ලු වෙනවා වගේ හැඟීමක් මට දැනෙන්නෙ...

දවස තිස්සෙ ගොඩක් කාර්ය බහුල වෙලා මේ වගේ වෙලාවට ඒකෙන් අයින් වුණාම මගේ ඔලුව තියෙන්නෙ හරියට යකාගෙ කම්මල වගේ... මම කරන රස්සාවෙ හැටියට දවස තිස්සෙ මම එක එක විදියෙ දේවල්වලට මූණ දෙනවා... මට එක එක විදියෙ මිනිස්සු මුණගැහෙනවා... වෙලාවකට ඒ හම්බුවෙන මිනිස්සු නිසා මට ජොබ් එක එපා වෙන තරමටම මාව කඩාගෙන වැටෙනවා.

ඒත් මොනා කරන්නද!!... මට ජීවත් වෙන්න නම් මොකක්හරි ජොබ් එකක් කරන්න එපැයි.. මගේ ඔම්මා අප්පා පොඩි කාලෙම මාව දාලා ගියාට පස්සෙ මම මගේ අත්තම්මා ගාව තමා හැදුනෙ... එයා ඉන්නකන් මට කිසිම අඩුපාඩුවක් නොවෙන්න මං ගැන හොයල බලලා ගොඩක් අමාරුවෙන් වුණත් මගේ හැම වූමනා එපාකමක්ම සම්පූර්ණ කලා.... ඒත් දැන් අත්තම්මත් මාව දාලා ගිහින්... ඒ නිසා දැන් මට ඉන්නෙ මං විතරයි.

මම graduate වුණේ ඒ තරම් හොද University එකක හොද degree එකකින් නෙවේ... ඉතින් මට හොද ජොබ් එකක් හොයාගන්නත් අමාරු වුණා.... මගේ හොදම යාලුව Namjoon ට පිං සිද්ධ වෙන්න තමා මට මේ රස්සාවත් ලැබුනෙ.. ඉතින් ඒකටත් පයින් ගහල ගියොත් මට වෙන්නෙ හිඟාකන්න තමා..

ඒ හින්දම මේ රස්සාවෙන් මට මොනවගේ පීඩනයක් ආවත් ඒක මට දරාගන්න සිද්ධ වෙනවා... මම හිතන විදියට ඒකට තියන හොදම විසදුම තමා දවසෙ අන්තිමට මගේ මනස සැහැල්ලු වෙන විදියෙ දේකට අවධානෙ යොමු කරන එක... මම ගෙදර ඉන්නෙ තනියම. ඉතින් ගෙදරදි වුණත් මට කතා බහ කරන්න කවුරුත් නැති නිසා මට ඒක ඇතුලෙත් තියෙන්නෙ ලොකු පීඩනයක්...

нιѕ ℓσνєℓу вυииу. | ✔✔Where stories live. Discover now