WOLF - ONE

3.1K 441 14
                                    

කැලිෆෝනියාවේ දීර්ඝව ඇදුන කෙලින් පාරක් දිගේ මගේ වාහනය දැන් පැයක් තිස්සේ ගමන් කරනවා... එ්ත් තාමත් ගමනාන්තයට ලං වුනේ නෑ... වටේටම තිබුණේ රූස්ස ගස් ඒ වගේම තැනින් තැන ඇදුනු විශාල කදුවැටි.... තාමත් හවස තුනවත් පහුවෙලා නැති වුනත්..  මේ ප්‍රදේශයට නම් රාත්‍රි හතේ අදුරු මුසුවෙලා තිබුනා... මාර්ගය දෙපස ඇති ඝණ වනාන්තරය ඊට හේතුවක් වෙන්න ඇති... මට හිතුනා...

ම්ම්ම් මං කිම් ටේහියොන් !!  සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඇමෙරිකාවේ ජීවත් වූ... අවුරුදු විසි තුනක.. කොරියානු ජාතිකයෙක්..

University යන අතරතුර මගේම කියලා coffee shop එකක් පවත්වාගෙන යන මගේ ජීවිතේ හරිම ඒකාකාරී බවක් තිබුනා... එකම දේ සැරින් සැරේ සිදුවුණා.. ඒ හැමදේටම වඩා මට කලකිරුණේ මං මේ ලෝකේ තනි වෙලා හිටපු එක ගැන... අම්මෙක් තාත්තෙක් නෑ... යාලුවෙක් සහෝදරයෙක් නෑ... එතකොට ආදරේ කරන්න කෙනෙක්?? හහ් එහෙම කවුරුත්ම නෑ...

මගේ ජීවිතේ ගැන කලකිරීමකින් අනෙක් ජීවිත එක්ක සසදන එක මගේ විනෝදාංශය වගේ වෙලා... ඒක සාමාන්‍ය දෙයක්.. ඕනෙම කෙනෙක් ඕනම දෙයක් සැසදීම සාමාන්‍ය යයි...

ආහ්හ්හහ්.....

වෙනම කල්පනාවක ආපු මගේ හදවත නැවතුනේ කෑලේ පැත්තෙන් ආපු කලුපාට යමක්.. මගේ වාහනේ වැදිලා අඩි කිහිපයක් ඉස්සරහට විසිවුන නිසා...

මනුස්සයෙක්ද??? නෑ ඒ සතෙක් වෙන්න ඇති....

මං මගේම හිත හදාගන්න උත්සහ කරන ගමන් වාහනයෙන් එලියට බැස්සේ හිතේ තිබ්බ බය තව තවත් වැඩි වෙනකොට.... මේ මනුස්සයෙක් නම් මිනී මැරුමක් කරපු නිසා මාව හිරේ දායි... කාත් කවුරුවත් නැති මං කාගෙන් කියලා උදව් ඉල්ලන්නද?? අනේ උඩ ඉන්න දෙවියනේ මට පිහිට වෙන්න...

මං වාහනේ දොරත් හෙමීට වහලා... ඊට අඩි කිහිපයක් ඈතින් තියෙන කලුපාට ලොම් ගුලිය ලගට ලං වුනා... මං හිතුවා හරි ඒ සතෙක්... ඒත් මොකෙක්ද?? ඈතින් පේන්නේ කලුපාට ලොම් ගුලියක් වගේ.... ඒ ලොම් ගුලිය ලගින් ලේ පෙරිලා පාරදිගේ  ගලාගෙන යනවා වාහනේ ලයිට් එලියට මට යන්තම් පෙනුනා...

වෙව්ලන කකුල් දෙක ඉස්සරහට තබමින් මං හෙමින් ඉදිරියට ඇදුනා... ඒ ලොම් ගුලිය අමාරුවෙන් හුස්ම ගන්නවා මට තේරුනේ ඒක වේගෙන් උඩට පහලට වෙනකොට.... මං තවත් ඒ ලොම් ගුලිය ළගට ලං වුනේ.. ඒ මොකෙක්ද කියලා හරියටම තහවුරු කරගන්න... ඒත් ඒ....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

වෘකයෙක් !!!!

අනේ දෙවියනේ... මගේ වාහනේට හැප්පුනේ වෘකයෙක්ද?? දුවමු ටේහියොන්... මුගේ රැලේ උන් ආවොත් මාව මෙතන බාබක්‍යූ දායි...

මං ඉක්මනින් වාහනේට ලගට දුවලා ගිහින් වාහනේ පනගන්වන්න උත්සහ කලා.. ඒත් ඒ පනගැන්වුනේ නෑ... මං මොකද කරන්නේ?? දෙපාරක් තුන්පාරක්... නෑ මං දහපාරක් විතර උත්සහ කලා.. ඒත් ඒක ගගට ඉනි කපනවා වගේ වැඩක් වුනා...

මහ කැලෑවක් මැදින් වැටී තිබුන... විශාල පාරක් මැද මමයි මගේ වාහනෙයි... ඒකට යටවුන වෘකයෙකුය් තනි වෙලා අපිට උදව් කරන්න කවුරුත් ආවේ නෑ...

වෘකයාට අමාරුයි.... ඌ හයියෙන් හුස්ම අදින ගමන් කෙදිරිගානවා.. හරියට බල්ලෙක් වගේ......

මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ... වෘකයෙක් වුනත්... ඒත් ජීවිතයක්... බේරගන්න පුලුවන් කම තියෙද්දී අහක බලාගෙන ඉන්න මට පුලුවන් වුනේ නෑ.. ඉතින් මං ඌව බොහොම අමාරුවෙන් ඇදගෙන ඇවිත් වාහනේට පිටිපස්සේ ෂීට් එකට දාගත්තා..... මේ වෙනකොට වෙලාව හවස හයත් පහුවෙලා.. මේ වෙලාවේ මේ ප්‍රදේශයේ වාහනයක් බලාපොරොත්තු වීම කිසිම වැඩකට නැති දෙයක්... ඉතින් අද රෑ මට මේ වෘකයා එක්ක මගේ වාහනේ ඇතුලේ හරි වෙන්න වෙනවා කියන එක මට හොදට තේරුණා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
๑♡ 𝕃𝕚𝕠  ๑♡

WOLF (  𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔 ) ✅Where stories live. Discover now