අද හරිම අමුතුයි.. Wolfie හැසිරෙන්නේ හරිම වෙනස් විදියට.. නිතරම මගෙන් ඈත් වෙලා හිටියා.. ඒයා දගලපු නිසාම මට එයාව basement එකට දාන්න සිද්ද වුනා.. ඒත් එයා ඒක ඇතුලට ගියේ කැමෙත්තෙන්මයි.. රෑ වෙනකම් වත් එයාගෙන් කිසිම සද්දයක් ආවේ නෑ.. මං සැරින් සැරේ එයාව බලන්න ගියා වුනත්...එයා කලේ මට බුරපු.. හිත ඇතුලේ අමුතු බයක් ඇති වෙද්දී.. මං කලේ basement එකේ දොර ලගට වෙලා ඉදගෙන හිටපු එක.. මට මගේ පුලුන් බෝලේ ව තනි කරන්න හිත දුන්නේ නෑ.." පුලූන් බෝලේ !!! "
" Wolfie !!! "
මං කිහිප සැරයක්ම එයාට කතා කලා.. ඒත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.... එයා හොදින් කියලා මට දැනුනේ basement එක ඇතුලේ බඩු පෙරලන සද්දෙයි.. එයාගේ ගෙරවිල්ලයි නිසා...
බඩගිනිත් වැඩි වුන නිසාම මං වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා... කුස්සියට ආවේ මොනවා හරි කලා නිදාගන්න කියලා හිතාගෙන.. ඒත් එක්කම මං දැක්කේ කුස්සියේ ජනෙල් කවුලු අතරින් පෙනුන හද ...
Wolfieගේ වෙනස් වීමට හදේ සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද??? මං කියවපු සමහරක් පොත් වල සදහන් වෙලා තිබුනා හද එළියට පුලූවන් සත්තුන්ගේ මොළයට බලපෑම් ඇති කිරීමට කියලා... ඉතින් මේකත් ඒ වගේ දෙයක්ද?? මොන දේ වුනත් මගේ පුලුන් බෝලේ හොදින් නම් මට ඒ ඇති..
.
.
.රෑ දොළහත් පහුවෙලා...හද එළිය ජනෙල් කවුළු තුලින් මගේ කාමරයට ගලාගෙන ආවා... අද අහසත් හරිම ලස්සනයි... ඒත් නින්ද මගේ ළගට තාම ආවේ නෑ... Wolfie හොදින් ද දන්නෙත් නෑ....
මං හෙමින් පහලට බැහැලා බේස්මන්ට් එක ළග තිබුණ ලයිට් ඔන් කලා... ඒත් එක්කම බල්ලෙක් උඩු බුරන සද්දයක් ඇහුනේ... බේස්මන්ට් එකේ දොර අගුලට අත් තියාගෙන හිටපූ මං ගැස්සිලා අඩි කිහිපයක් පිටිපස්සට යද්දී... ඒ වොල්ෆී.. මට හොදටම විශ්වාසයි...
මේ වෙලාවේ මට මගේ ආරක්ශාවට මුල් තැන දෙන්න වුනත්... මේක මට මේ ලෝකේ මගේ කියලා හිටපූ එකම කෙනා ගැන ප්‍රශ්නයක්... එයා තිරිසන් සතෙක් වුනත් මටයි එයාටයි තිබුනේ අමුතුම බැදීමක්... අපි දෙන්නම මේ ලෝකේ තනි වෙලා... එයා මගේ තනිකම මකනවා වගේ මං එයාව බලාගන්නවා... ඒකයි අපිට අපිව ඒ තරම්ව වටින්නේ....
YOU ARE READING
WOLF ( 𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔 ) ✅
Fanfictionමං කිම් ටේහියොන් !! සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඇමෙරිකාවේ ජීවත් වූ... අවුරුදු විසි තුනක.. කොරියානු ජාතිකයෙක්.. . . . මම ජියෝන් ජන්කුක්... අවුරුදු පහළොවෙදී ඇමෙරිකාවේ ප්‍රසිද්ධ විද්‍යාගාරයක් පරීක්ෂණ මීයෙක් වුන මනුස්සයෙක්... 💕 Taekook one shot 💕