ඒ අහස,ඒ තරු,ඒ හද..ඒ හැමදේම අදටත් ඒ විදිහමයි..ඉමක් කොනක් නැති තුරු වදුල අස්සෙන් හමාගෙන ගිය ළා හුලග පවා ඒ විදිහමයි..අහසම අයිති කරගෙන පායපු පුරහද එදා වගේම සේද වලාකුලු පටලගෙන බලාගෙන හිටියා ඒ ගල් තලාව දිහා..මුලු පරිසරයම වෙනදා වගේමයි..ඒත් එතන හිටපු කීප දෙනාගේ එක වෙනසක් තිබුනා...එදා වේදනාවෙන් පිරිලා තිබුනු ඒ ඇස්වල අද තිබුනේ වෙන මොකක්දෝ හැගීමක්...
නම්ජූන්,යූනා,ජින්,යේරින්,ජිමින්,මීරා,තේයොන්,ජන්කුක්...ඒ වගේම..ජන්ග්මින්...
ඒ හැමෝම මං දිහා බලාගෙන හිටියේ කදුලු ගලාගෙන යන ඇස්වලින්.
ඇස්වල පිරුනු කදුලු බොහොම අමාරුවෙන් තද කරගෙන මං එයාලා දිහා බලලා හිනා වුනේ ඒ ගල් තලාව උඩ නිසලව වැතිරිලා උන්නු කෙනා ලගට ලං වෙන්න හිත හයිය කරගන්න ගමන්..
" කවදහරි දවසක මං මේ ලෝකෙන් යන්නෙත් ඔයා අපි හැමෝවම දාලා ගියපු මේ ගල් තලාව උඩමයි.."
මීට අවුරුදු විස්සකට කලින් එයා කියපු ඒ වචන එයා ඒ විදියටම ඉශ්ට කලා..ඒ ගල් තලාව උඩම,ඒ වගේම දවසක,ඒ වගේම ලස්සන රෑක එයා අපිව දාලා යන්නම ගිහින්..
හද එලිය වැටිලා එලිය වුනු ඒ ගල් තලාවට මං අඩිය තිබ්බේ තියන තියන අඩියක් පාසා මෙච්චර වෙලා තද කරගෙන උන්නු කදුලු පිටාර ගලද්දි..
පියවරින් පියවර ඉස්සරහට යද්දි,ඒ මූණේ ඇදිලා තිබුනු ලස්සන හිනාව පැහැදිලි වෙද්දි, හදවතට දැනුනේ පුදුම සතුටක්..
' අන්තිමට එයා සතුටින්.... '
සීතල ගල් තලාවේ බිම දන නමාගත්තු මගේ ඇස් නතර වුනේ ඒ පියවුනු ඇස්වල..මං හැමදාමත් ආදරේ කරපු ඒ රතු පාට මැණික් කැට වගේ ලස්සන කතා කරන ඇස්..ඒවා අද පියවෙලා..
අවුරුදු විස්සක් පුරා මං ආදරේ කරපු ඒ ඇස්වල අයිතිකාරයා අද යන්නම ගිහින්..ආයෙත් නොඑන්නම..
සැප නින්දක ඉන්නවා වගේ හරිම සැහැල්ලුවෙන් ඒ ගල් තලාවෙ වැතිරිලා උන්නු එයාගේ කලු පාට කබාය අතරින් ඒ කඩවසම් රූපය තව තවත් කැපිලා පෙනුනා..මිට මොලවගත්තු දකුනු අත හරියටම වම් පැත්තේ පපුව උඩින් තියාගෙන හිටියෙ ඒ අතේ ගුලි කරන් උන්නු දෙයක් හදවත ලගින්ම නතර වෙන ගමන්..
YOU ARE READING
Bᴇʟᴀᴍᴏᴜʀ | •Sope• | ✔
Fanfiction"මං පොරොන්දු වෙනවා යූන්ගී..කවදහරි දවසක..මට ඔයා ගැන ආදරයක් ඇති වුනොත්.. මේක මගේ හදවත ලගම තියේවී..." ♡ 🅟🅡🅞🅜🅘🅢🅔 ♡ ●◉ It's hard to wait around for something you know might never happen ; but its harder to give up when you know its everything you...